දේශීය

අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක්

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු තවත් කරුණු කිහිපයක් මූලික කරගෙන ක්ෂේත්‍ර රැසක වෘත්තීකයන් අද (01) දැවැන්ත එක්දින වැඩ වර්ජනයක නිරත වෙනවා.

වරාය, බැංකු,විදුලිය, ඛනිජ තෙල්, විශ්වවිද්‍යාල ඇතුළු වෘත්තීය සමිති 40ක පමණ පිරිසක් මෙම වැඩවර්ජනය සඳහා සහය පළ කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ක්‍රියාත්මක වන වැඩ වර්ජනය සඳහා විරෝධය දක්වමින් සහය පළ කරන බවත් වැඩ වර්ජනයක් සිදු නොකරන බවත් ඊයේ (28) මාධ්‍යට ප්‍රකාශ කළා.

ගුරු,විදුහල් සහ තැපැල් සේවයද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය දක්වමින් විරෝධතා පවත්වන අතර වැඩවර්ජනයේ නිරත නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් විශාල වෘත්තීය සමිති සංවිධාන රැසක එකතුවෙන් බදු ප්‍රතිපත්තීන්ට ඇතුළු කාරණාවන්ට එරෙහිව ආණ්ඩුවට බල කරන දීපව්‍යාප්ත වැඩවර්ජනයක් අද දිනයේ දී ක්‍රියාත්මකයි.

පාසැල් ළමුන් පාසැල් වලට පැමිණීමේ අඩුවක් අද උදෑසන කාලයේදි දක්නට ලැබුණා.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

15 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

7 days ago