Friday, September 11, 2026
Homeදේශීයලෝක බැංකුවේ අඛණ්ඩ සහය ශ්‍රි ලංකාවට

ලෝක බැංකුවේ අඛණ්ඩ සහය ශ්‍රි ලංකාවට

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුව අඛණ්ඩ සහාය දෙන බව ලෝක බැංකු නියෝජිතයෝ සඳහන් කළහ.

සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා නීති කෙටුම්පත් කිරීමේ දී ලෝක බැංකුවේ තාක්ෂණික සහාය ලබා දෙන බවත්, ජාත්‍යන්තර මාධ්‍ය භාවිතය හා සුභසාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් තවදුරටත් මඟපෙන්වීම් සහ අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බවත් ඔවුහු සඳහන් කළහ.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා ඇතුළු නියෝජිත පිරිස අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළහ.

ලෝක බැංකු සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන මෙහිදී පූර්ණ විමර්ෂණයකට ලක් කෙරුණු අතර එහි ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිවරයා සහ ලෝක බැංකු නියෝජිතයින් සිය අදහස් දැක්වූහ.

මූල්‍ය අධීක්ෂණය හා ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම, බදු පරිපාලනය වැඩි දියුණු කිරීම, ස්වෛරී-මූල්‍ය අංශයේ සම්බන්ධතාවය සහ පද්ධතිමය අවදානම් අවම කිරීම, බැංකු අංශයේ ස්ථාවරත්වය සහ විශ්වාසය පවත්වා ගැනීම, ප්‍රතිව්‍යුහගත කිරීම සහ බෙදා හැරීම, ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතාව අඩු කිරීම සහ ආර්ථිකයේ තරගකාරිත්වය වැඩි කිරීම, බ්‍රෝඩ්බෑන්ඩ් වෙළඳපොළේ පුද්ගලික ප්‍රාග්ධනය සහ තරගය බළමුළු ගැන්වීම, සමාජ ආරක්ෂණ ආයතනය, බෙදාහැරීමේ පද්ධතිය සහ ඉලක්ක කිරීම ශක්තිමත් කිරීම යන කරුණු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ජනාධිපති මාධ්‍ය අංශය :

READ:   ඉන්දුනීසියාවේ භූ කම්පනයකින් මියගිය සංඛ්‍යාව 150 ඉක්මවයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්