මෙරට ගොවී ජනතාව වෙනුවෙන් චීන රජය විසින් නොමිලේ ලබා දී තිබෙන ඩීසල් ලීටර් මිලියන 6.98ක ප්‍රමාණය කඩිනමින් ගොවි ජනතාවට බෙදා හැරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
නොමිලේ ඉන්ධන බෙදා දීමේ වැඩපිළිවෙළ යටතේ මෙවර මාස් කන්නයේ අක්කර භාගයේ සිට අක්කර දෙකහමාර දක්වා වී වගා කළ ගොවීන්ට නොමිලයේ ඉන්ධන ලබාදීමට කටයුතු කර ඇත.
ඒ අනුව හෙක්ටෙයාර් 01ක් සඳහා ඩීසල් ලීටර් 15ක් බැගින් ලබා දීමට නියමිතයි.
අදාළ ඉන්ධන තොගය බෙදාහැරීමේ කටයුතු ලබන සතියේ සිට ඇරඹීමටත්, ඊට අදාළ ටෝකන් පත් සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාවට නිකුත් කිරීම කඩිනම් කිරීමටත් තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…