Friday, April 24, 2026
Homeදේශීයජනතා අයිතියට එරෙහිව බලය පාවිච්චි කිරීමේ පූර්වාදර්ශය පරාජය කළ යුතුයි - ටිල්වින්...

ජනතා අයිතියට එරෙහිව බලය පාවිච්චි කිරීමේ පූර්වාදර්ශය පරාජය කළ යුතුයි – ටිල්වින් සිල්වා

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කඩ කරමින් මැතිවරණය නැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් ගන්නා අත්තනෝමතික උත්සහය නරක පුර්වාදර්ශයක් බැවින් එය වහාම පරාජය කළ යුතු බව ජාතික ජන බලවේගයේ ටිල්වින් සිල්වා මහතා පවසනවා.

නාමයෝජනා භාර දී, ඇප මුදල් තැන්පත් කර, මැතිවරණය කොමිසම විසින් ඡන්දය සඳහා දින ලබා දී තිබියදීත් අවශ්‍ය මුදල් ලබා නොදෙමින්, ඡන්ද පත්‍ර මුද්‍රණය කිරීමට බාධා කරමින් විවිධ ක්‍රම ඔස්සේ මැතිවරණය නැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම වැරදි පුර්වාදර්ශයක් බව එතුමා පෙන්වා දෙනවා.

නීතියට අනුවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුවත් පළාත් පාලන මැතිවරණය තැබීම අනිවාර්ය කාරණයක් වුවත් ජනතාවගේ ශුද්ධ වූ අයිතිය කඩ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම තුළින් ඉදියේදී පාලකයාට ජයග්‍රාහණය කළ හැකි මැතිවරණ පමණක් පැවැත්විය හැකි බව ඒ මහතා අවධාරණය කරනවා.

එනිසා, ජනාධිපති බලය පාවිච්චි කරමින් ජනතාවගේ ඡන්ද අයිතිය කඩ කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය පරාජය කළ යුතු බව අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   ඡන්ද කටේ මෛත්‍රීපාලගෙන් තවත් පෙරළියක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්