දේශීය

ගංගානි – මහින්ද මැතිවරණ කොමිසමට කැඳවා ප්‍රශ්න කළ යුතුයි!

රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන අය ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීමට කටයුතු කරන බැවින් ඔවුන් මැතිවරණ කොමිසමට කැඳවා ප්‍රශ්න කළ යුතු බව නිදහස් සන්ධානයේ විධායක සභික ජී. එල්. පීරිස් මහතා පවසනවා.

මුද්‍රණාලාධිපතිනිය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 410 ක් ඉල්ලා සිටියද මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන එම මුදල් ලබා නොදෙන බවත් ඔවුන් රටේ උත්තරීතර නීතිය කඩ කරමින් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීමට කටයුතු කරන බවත් ජී. එල්. පීරිස් මහතා පෙන්වා දෙනවා.

ආණ්ඩුවේ සංදර්ශනයක් වූ නිදහස් උත්සවයට අවශ්‍ය මුද්‍රණ කටයුතු කිරීමට රජයේ මුද්‍රණාලාධිපතිනිය මුදල් නොයිල්ලා අවශ්‍ය සහයෝගය ලබා දුන් බව පවසන එතුමා සියලු සම්පත් ඇති රජයේ මුද්‍රණාලයට තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කිරීමට සම්පූර්ණ මුදල අවශ්‍ය නොවන බවත් ප්‍රකාශ කළා.

මැතිවරණය නියමිත දිනට පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී ඇති නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සියලුම රාජ්‍ය නිලධාරීන් මැතිවරණය පැවැත්වීම සඳහා උපරිම සහයෝගය ලබා දිය යුතු බව එතුමා පවසනවා.

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහරින දිනය කල්ගියද තැපැල් ඡන්දය ප්‍රකාශ කරන දිනවල කිසිදු වෙනසක් නොවන බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බැවින් මැතිවරණය පැවැත්වීමේ කිසිඳු වෙනසත් සිදු නොවන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

5 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

6 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago