සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා හට අමෙරිකාවේ නිව්යෝක්හි පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි (UNFPA) ඇගයීම් කාර්යය පිළිබඳ සම සමාලෝචනයක් සිදු කිරීම සඳහා විශේෂ ආරාධනාවක් ලැබී තිබේ.
ඇගයීම්කරුවන් හය දෙනෙකුගෙන් යුත් ඉහළ මට්ටමේ ගෝලීය කණ්ඩායමක එක් සාමාජිකයකු ලෙස මෙම ආරාධනය ලැබී ඇති අතර එහි ඇති විශේෂත්වය වන්නේ දකුණු ආසියාවෙන් ආරාධනා ලැබූ එකම නියෝජිතයා කබීර් හෂීම් මහතා වීමය.
රටේ දැවැන්ත ආර්ථික අර්බූදයක් මතුව පවතින මෙවැනි අවස්ථාවක විපක්ෂය නියෝජනය කරන සජබ මන්ත්‍රීවරයකු හට මෙවැනි ආරාධනාවක් ලැබීම විශේෂ සිදුවීමක් බව ආර්ථික ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ මතය වී ඇත.
ආර්ථික විශේෂඥයකු ලෙස ලෝක බැංකුව තුල හා ඇමරිකාව, ඇෆ්ගනිස්ථානය, පිලිපීනය, වියට්නාමය, ලාවෝසය, පකිස්තානය ආදී රටවල සේවය කර තිබෙන කබීර් හෂීම් මැතිතුමා ආර්ථික විද්‍යාව පිළිබඳ විද්යාඥයකු මෙන්ම ගෝලීය පාර්මේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇගයීම් සංසදයේ සභාපතිවරයාද වේ.
https://www.lifetraveler.lk/wp-content/uploads/2023/01/PEER-REVIEW-overview_and-panel-bios.pdf
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…