දේශීය

කාර් ප්‍රශ්නයකට අටමස්ථාන නාහිමිට අධිකරණයේ පෙනී සිටින්න කියයි

මීට දෙමසකට පෙර අපවත්වූ අනුරාධපුර අටමස්ථානධිපතිව සිටි පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ නමින් ඇති උන්වහන්සේ ජීවත්ව සිටියදී පරිහරණය කළ අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක නීත්‍යනුකූල අයිතිය තමන්ට පවරා ගැනීමට අයිතියක් ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයකු අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එය සලකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහෙස්ත්‍රාත් නදීකා ඩී. පියරත්න මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින වත්මන් අටමස්ථානාධිපති ප්‍රවීණ ගීත රචක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ තිදෙනකුට සහ අටමස්ථාන කාරක සභාවට පෙබරවාරි මස 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් සිතාසි නිකුත් කළාය.

එමෙන්ම මෙම නඩුවට අදාළව විරෝධතා ඇත්නම් එදිනට හෝ එදිනට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙසටද දිසා විනිසුරුවරිය වගඋත්තරකරුවන්ට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.

අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකු වන අනුරාධපුර නිදහස් මාවත ඉසුරුපුර අංක 3 ඒ 2 ඒ 260 ලිපිනයේ පේලිමුහන්දිරම් අප්පුහාමිලගේ චන්දානන්ද යන අය නීතිඥ දසුනි කුමාරසිංහ මගින් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අනුරාධපුර බෝමලුව පන්සල (ජයශ්‍රී මහ බෝධි විහාරය) ලිපිනයේ අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි, කේ. ඤාණසිරි හිමි සහ අනුරාධපුර පැරණි නගරය ථූපාරාම පන්සල ලිපිනයේ ථූපරාමාධිකාරි ඥානින්ද හිමි සහ අටමස්ථාන කාරක සභාවයි.

පෙත්සම්කාර පේලිමුහන්දිරම් අප්පුහාමිලාගේ චන්දානන්ද යන අය අනුරාධපුර දිසා අධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ අටමස්ථානධිපතිව සිටි පල්ලේගම සිරිනිවාස හිමියන් සමග තමා වසර 19 ක කාලයක් කිට්ටු ඇසුරක් පවත්වා ගෙන ගිය බවය.

වසර 25 කට අධික කාලයක් අනුරාධපුර අටමස්ථානධිපති ධුරය දැරූ පල්ලේගම සිරිනිවාස හිමියන් 2022 ඔක්තෝබර් මස 18 වැනි දින අපවත් වූ බවත් ඒ හිමියන් අසනීප තත්ත්වයෙන් සිටි ඒ සෑම අවස්ථාවකදීම එම හිමියන්ගේ ප්‍රතිකාර කටයුතු සොයා බලා අවශ්‍ය කටයුතු සපයා දෙමින් තම පියකු මෙන් රැක බලා ගත්තේ තමන් බවද පවසන පෙත්සම්කරු අනුරාධපුරයේ මෙන්ම අගනුවර සහ මහනුවර වැනි ප්‍රධාන නගරවල සේවය කළ විශේෂඥ වෛද්‍යරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යාමේදී සිරිනිවාස හිමියන්ගේ දැඩි විශ්වාසය දිනා ගෙන කටයුතු කළේ තමන් බවද කියා සිටී.

සිරිනිවාස හිමියන් අපවත් වන අවස්ථාවේදී පවා ඇප උපස්ථාන සඳහා කැපවී සිටි පුද්ගලයා තමන් බවද ප්‍රකාශ කරන පෙත්සම්කරු එසේම සිරිනිවාස හිමියන් ජීවත්ව සිටි කාලයේ එම හිමියන් විසින් උපයා සපයාගත් සාංඝික නොවන තම පුද්ගලික ධනයයෙන් දේපළ කිහිපයක් මිලදීගත් බවත් එම මිලදී ගැනීම් කටයුතුවලදී සිරිනිවාස හිමියන් තමන්ගේ උපකාර ඇතිව එම මිලදී ගැනීම් සිදු කළ බවත් එලෙස මිලදීගත් දේපොළවල නිර්වද්‍යතාව සොයා බැලුවේ තමන් බවත් සඳහන් කර ඇත.

වසර ගණනාවක් රෝගීව සිටි සිරිනිවාස හිමියන් 2022 ඔක්තෝබර් මස මුල් සතියේදී දැඩි ලෙස රෝගී වූ බවද කියා සිටින පෙත්සම්කරු එලෙස දැඩි ලෙස රෝගී වූ අවස්ථාවේ සිරිනිවාස හිමියන් තමන් අමතා උන්වහන්සේගේ නීති කටයුතු සිදු කරන නීතිඥවරයා උන්වහන්සේට මුණගස්වන ලෙසට තමන්ට දැනුම් දුන් බවද පෙත්සම්කරු ප්‍රකාශ කොට තිබේ.

එම දැනුම් දීමට අනුව අදාළ නීතිඥවරයා සිරිනිවාස හිමියන්ට සම්බන්ධ කොට දුන් බවත් අධිකරණයට ප්‍රකාශ කොට ඇති පෙත්සම්කරු ඒ අනුව සිරිනිවාස හිමියන් විසින් නීතිඥවරයාට ලබා දුන් උපදෙස් අනුව ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය ලේඛන සපයා දෙන ලෙසට තමන්ට උපදෙස් දුන් බවත් කියා තිබේ.

එලෙස උපදෙස් ලබාදී දින දෙකකට පසුව අදාළ නීතිඥවරයා සිරිනිවාස හිමියන් ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ පෞද්ගලික රෝහලට පැමිණි බවද කියා සිටින පෙත්සම්කරු එහිදී පැවරීමේ ලේඛන අත්සන් කොට එන්සී/සීඒඩබ්ලිව්/ 1310 අංක දරන suv වර්ගයේ ජීප් රථයේ සහ එන්සී/සීබීඑල්/5353 අක දරන ටොයෝටා ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජීප් රථයේ අයිතිය තමා වෙත පවරා දෙමින් ඒවා පවරා ගෙන හොඳින් එම වාහන රැකබලා ගන්නා ලෙසට සිරිනිවාස හිමියන් තමන්ට උපදෙස් දුන් බවත් කියා සිටී.

ඒ අනුව මෙම වාහන පැවරීමේ සහ පවරා ගැනීමේ ලේඛන නීතිඥවරයා විසින් තමන්ට ලබා දීමෙන් අනතුරුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට පවරා ගැනීමේ කටයුතු සිදුකර ගැනීම සඳහා භාර දුන් බවත් ස්වකීය පෙත්සම මගින් ප්‍රකාශ කොට ඇත.

තමාට පවරා දුන් වාහනවල ලියාපදිංචි අයිතිය පවරා ගැනීමට යාමේදී මෙම නඩුවේ වගඋත්තරකාර හිමිවරුන් විසින් එකී වාහනවල අයිතිය බැහැර නොකරන ලෙසට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා වෙත දන්වමින් අදාළ වාහන පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ පෞද්ගලික දේපොළක් නොවන බවත් එම වාහන අටමස්ථානයට අයත් දේපොළක් බවටත් අසත්‍ය කරුණු සපයා බාධා පමුණුවා ඇති බවද පෙත්සම්කරු සඳහන් කොට තිබේ.

මූලාශ්‍රය – අරුණ

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago