දේශීය

පොහොට්ටුව ඡන්දෙට ඇප මුදල් තැන්පත් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන්, 2023 පළාත් පාලන මැතිවරණයට අදාල ඇප මුදල් තැන්පත් කිරීම අද දිනයේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාලයේදී සිදු වුනා.. ඊට ප්‍රථම කුරුණෑගල බෞද්ධාලෝක විහාරයේදී ආගමික වතාවත් සිදු කර සෙත් පිරිත් සජ්ජායනය කර මහා සංඝරත්නය වෙතින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කලා..

කුරුණෑගල ඉතාමත්ම ශක්තිමත් ලෙස අපි මැතිවරණයට මුහුණ දෙනවා අද පක්ෂ දිහා බලපුහාම මම හිතන්නේ පොහොට්ටු පක්ෂය ඉදිරියෙන්ම ඉන්නවා නාම යෝජනා දෙන වැඩපිළිවෙලේදී සමහර පක්ෂ තාම ලෑස්ති පවා නෑ. ලෑස්ති නැති අය එලියට ඇවිල්ල කියනවා ඡන්දෙ තියන්නේ කියලා ඒක නිසා තමුන්නාන්සේලාට පේනවා මේ කරන්නේ බොරුවක් අවුරුද්ද පුරාවටම කරේ බොරුවක් කියන එක. ඡන්ද ඉල්ලනවා ඡන්ද වලට ලෑස්ති වත් නැති පක්ෂ තමයි ඉල්ලන්නේ. අපේ පොහොට්ටුව පක්ෂය ඉදිරියෙන්ම ඉන්නවා කියන එක අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා

මාධ්‍ය අහනවා රනිල් වික්‍රමසිංහ එක්ක ප්‍රශ්න තියෙනවද කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයට අපි ඡන්දෙ දීලා ජනාධිපති කෙරුවා නම් ජනාධිපති කරපු කෙනාත් එක්ක වැඩ කරන්න අපිට තියෙන මොකක්ද ප්‍රශ්නය ඡන්දය දෙන්න හොඳ නං වැඩ කරන්න මොකක්ද තියෙන ප්‍රශ්නේ. එතුමා හොඳට මෙහෙයවාගෙන යනවා ඉතින් අනික් අය බාරගත්තේ නැහැ අපේ ජයග්‍රහණය අපි එතුමාට බාර දුන්නා.ප්‍රේමදාස මහත්තයට කිව්ව ඇවිල්ලා භාරගන්න කියලා අනික් පක්ෂ වලටත් කිව්වා ඇවිල්ල භාරගන්න කියලා කවුරුත් ඇවිල්ලා බාරගත්තේ නැහැ භාරගත්ත රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අපි වැඩ කරනවා. මම හිතන්නේ ඔහොම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ එතුමත් එක්ක මම වැඩ කරල තියනවා විශාල වැඩකොටසක් කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ගියාට පස්සෙ රනිල් වික්‍රමසිංහ මහතාව ජයග්‍රහණය කෙරෙව්වා. රටේ පළපුරුදු දේශපාලන නායකයෙක් වන රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩ කරලා පෙන්නලා තියෙනවා ඒක නිසා මම හිතන්නේ නෑ එක ප්‍රශ්නයක් කර ගන්න ඕනි වෙයි කියලා.

මහ බැංකුව සිද්ධියට අදටත් අපි චෝදනා කරනවා ඒකට වැරදිකරුවන් හරියට හොයලා බලලා දඬුවම් කළ යුතුයි ඒක අපි ආපස්සට ගන්නේ නැහැ කවුරු හරි වැරැද්දක් කරලා තියනවනම් අපේ පක්ෂයේ හරි අනිත් පක්ෂයේ හරි කවුරු හෝ වැරදි කරපු සියල්ලට දඩුවම් කළ යුතුයි කියන මතයෙ තමයි අපි ඉන්නේ ඒක අපි ආපස්සට අදින්නේ නැහැ හැබැයි පැහැදිලිව හොයන්න ඕනේ කවුද ඉන්නේ කියලා

අපේ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ පක්ෂයේ පරිණත පරමාදර්ශි නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපි ඒක කවදාකවත් වෙනස් කරලා නැහැ

තිස්සමහාරාමය ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දින්නා.ආපහු මිනිස්සු ගෙදර ජේ.වී.පී එක යැව්වා. ඒ කට්ටිය ඇමතිකම් කළා අපි දැක්කනෙ වැව් හදපු හැටි සමූපාකාර ඡන්දය ගැන අපි බලමු ඔය ස්වාධීන දාපු අය අනෙක් පක්ෂ වල අයද කවුද කියලා හොයලා බලන්නකෝ. ප්‍රෝඩාව කෙටි කාලයක් කරගෙන යන්න පුළුවන් මඩ ගහන්න පුළුවන් කෙටිකාලයක් ජනතා විමුක්ති පෙරමුණ හැමපාරම මැතිවරණයක් පැරදුනවිට එක්කෝ තුවක්කු ගන්නවා එක්කෝ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ 1971 මැතිනි ඇවිල්ලා අවුරුද්දෙන් තුවක්කුව අතට ගත්තා 86 87 ගැන හිතලා බලන්නකෝ කොච්චර කීදෙනෙක් මැරුවද.

සෙනග ගේන්න ඔවුන්ට සල්ලි තියෙනවා ඔවුන්ගේ බැංකුවේ තියෙන මුදල් වලින් දැන් මාසෙකට කෝටි විස්සක් විතර හම්බවෙනවා ඒ කෝටි විස්සෙන් අඩුම තරමේ වතුර බෝතලයක් වත් කාටවත් අරන් දෙනවා තමුන්නාන්සේලා දැකලා තියනවද ඒ නිසා තමුන්නාන්සේලා හිතනවා ජේවීපී මතයට අහුවෙනවා සීයට තුනක් හතරක් පහක් හයක් උපරිමයෙන් ඒ උපරිමය ගැන තමයි ඔවුන්ට හිතන්න තියෙන්නෙ හිතලා බලන්න ආණ්ඩුවක් ගත්තොත් පාලනය කරන්න පුළුවන් පුද්ගලයින් ඉන්නවද කියලා අඩුම තරමේ දහයක් නෙමේ පහක්වත් ඉන්නවද කියලා මට පෙන්නන්න මේ රට පාලනය කරන්න පුළුවන් අය කවුද ඉන්නේ ඒ නිසා හරි ලේසියි මඩගහන්න මඩ ගහලා ඡන්ද ටිකක් කඩාගන්න අන්තිමට ජනතාව දුක් විඳිනවා රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළින් දේශපාලනය කරන කිසිම පක්ෂයකට අපි විරුද්ධ නැහැ අපිව මරන්න ආපු අය ඈත් කරන්න ඕනෙ. ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද කරන එක ගැන අපි විරුද්ධ වෙන්නේ නැහැ මැතිවරණය තියලා බලමු මොකක්ද ප්‍රතිඵලය කියලා.

උපුටා ගැනීම – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Recent Posts

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

1 day ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

1 day ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

1 week ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

1 week ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

1 week ago