මහනුවර නගරය ඉතා ලස්සනට සැලසුම්සහගතව අතීතෙ හිටිය නගර නිර්මාණ ශිල්පීන් නිර්මාණය කරලා තියනවා. අදටත් අපි ඒ මිනිස්සුන්ගෙ දහදියෙන් හදපු නගරය පෙන්නලා තමයි ඩොලර් හොයං හම්බකරන් කන්නෙ.
රජකාලෙට පස්සෙ ආව සුද්දොත් ඒ විදිහටම නගරය පවත්වගෙන ගියා. සංවර්ධනය කලා, දුම්රිය මාර්ග මහාමාර්ග හැදුවා.
ඊළඟට ආවා දේසප්‍රේමී යක්ක පුතාලා. එයාලා කරපු හරිය තමයි ඔය අන්තිම පොටෝ වලින් පේන්නෙ.
මේ ගඟක් උතුරලා නෙමෙයි. වැහිවතුර. මේ ප්‍රශ්නෙ විතරක් නෙමෙයි නුවරට ගියාම අවිධිමත් ඉදිකිරීම්, හිරවුන කානු, කැලිකසල, වායුදූෂණය, මාර්ග තදබදය වගේ අටෝරාසියක් ප්‍රශ්ණ තියනවා.
සියවස් කීපෙකට කලින් තමන් නිර්මාණය කරලා දීලා ගිය ලෝක උරුමයක, වැහිවතුර ටික බස්සගන්න විදිහක් නැතුව බෝට්ටු පදිනවා දැක්කනං එහෙම ඒ මිනිස්සුන්ට මොකක් හිතෙයිද ?
සිංගප්පූරුවෙ උන්ට මෙලෝ මලදානයක් නැතුව උන් අලුතෙන් වියදං කරලා ටවුන් හදන්න වුණා සංචාරකයො ගෙන්නගන්න. අපිට නිකං ලැබිලා තියන එකවත් පරිස්සං කරගන්න බැරුව ලපං ගහනවා. සිංගප්පූරුවෙ උන්ට මේ වගේ ලස්සන ලෝක උරුම නගරක් තිබ්බනං උන් කොහොම තියාගනීද ! පරිස්සං කරයිද !!
ඉතිහාසෙ ගැන ආඩම්බර වෙන ගමන් ඕවත් පොඩ්ඩක් හිතලා බලන්න.
උපුටා ගැනීමකි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…