මහනුවර නගරය ඉතා ලස්සනට සැලසුම්සහගතව අතීතෙ හිටිය නගර නිර්මාණ ශිල්පීන් නිර්මාණය කරලා තියනවා. අදටත් අපි ඒ මිනිස්සුන්ගෙ දහදියෙන් හදපු නගරය පෙන්නලා තමයි ඩොලර් හොයං හම්බකරන් කන්නෙ.
රජකාලෙට පස්සෙ ආව සුද්දොත් ඒ විදිහටම නගරය පවත්වගෙන ගියා. සංවර්ධනය කලා, දුම්රිය මාර්ග මහාමාර්ග හැදුවා.
ඊළඟට ආවා දේසප්‍රේමී යක්ක පුතාලා. එයාලා කරපු හරිය තමයි ඔය අන්තිම පොටෝ වලින් පේන්නෙ.
මේ ගඟක් උතුරලා නෙමෙයි. වැහිවතුර. මේ ප්‍රශ්නෙ විතරක් නෙමෙයි නුවරට ගියාම අවිධිමත් ඉදිකිරීම්, හිරවුන කානු, කැලිකසල, වායුදූෂණය, මාර්ග තදබදය වගේ අටෝරාසියක් ප්‍රශ්ණ තියනවා.
සියවස් කීපෙකට කලින් තමන් නිර්මාණය කරලා දීලා ගිය ලෝක උරුමයක, වැහිවතුර ටික බස්සගන්න විදිහක් නැතුව බෝට්ටු පදිනවා දැක්කනං එහෙම ඒ මිනිස්සුන්ට මොකක් හිතෙයිද ?
සිංගප්පූරුවෙ උන්ට මෙලෝ මලදානයක් නැතුව උන් අලුතෙන් වියදං කරලා ටවුන් හදන්න වුණා සංචාරකයො ගෙන්නගන්න. අපිට නිකං ලැබිලා තියන එකවත් පරිස්සං කරගන්න බැරුව ලපං ගහනවා. සිංගප්පූරුවෙ උන්ට මේ වගේ ලස්සන ලෝක උරුම නගරක් තිබ්බනං උන් කොහොම තියාගනීද ! පරිස්සං කරයිද !!
ඉතිහාසෙ ගැන ආඩම්බර වෙන ගමන් ඕවත් පොඩ්ඩක් හිතලා බලන්න.
උපුටා ගැනීමකි.
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…