දේශීය

“කිසිදා ෆේල් නොවු පේලේ”

ඇරන්ටස් නසිමෙන්ටෝ හෙවත් පේලේ නමි කීර්තීමත් පාපන්දු ක්‍රීඩකයා පිළිබඳව බ්‍රසීලියානුවන් කෙරෙහි ඇත්තේ අසීමාන්තික ගෞරවයක්. පේලේ යනු සැබැවින්ම පා පන්දු ලෝකයේ පුරාවෘත්තයක්. බ්‍රසීලයේ බාල, මහළු, තරැණ, කාන්තා, පුරැෂ මෙි කිසිදු භේදයකින් තොරව පේලේට ආදරය කරති. ලෝකයේ වර්තමානය වනවිට ජනප්‍රියතම ක්‍රීඩාව වශයෙන් නමි දැරෑ “පාපන්දුවේ රජු” ලෙස අන්වර්ථ නාමය කිරැළු පැළැන්දු මෙි අපුරැ ක්‍රීඩකයාගේ ජීවිත කතා පුවත 2016 දී “Pele : Birth Of a Legend “යන නමින් ජෙෆ් සිමිබිලිස්ටි සහ මයිකල් සිමිබිලිස්ටි දෙසොයුරන්ගේ සංකලනයෙන් තිරය තුළ පේලේ චරිතය සෙලියුලයිඩි පටයක් වශයෙන් ප්‍රතිනිර්මාණය කරනවා.

කුඩා පේලේගේ ළමා කාලය තුළ ඔහු පා පන්දු ක්‍රීඩාවට දැක් වු රුචිකත්වය, ඇල්ම චිත්‍රපටය ආරම්භය තුළ කතා කරන්නට සමත් වෙනවා. පේලේගේ කුඩා කාලයේ සැබෑ නාමය සටහන් වන්නේ ඩුකෝ නමිනි. පුංචි ඩුකෝ සහ ඔහුගේ සහ මිතුරැ කැල සමඟ ඔවුන්ගේ ගම්බද පරිසරය ආශ්‍රිත පාපන්දු සෙල්ලමි කිරීමට පිටිය සකස් කරගන්නා අයුරැ මනරමි ය. ගොඩනැගිලි මතින්, වහල මතින් ඔවුන්ගේ ළමා කාලය කැටි වු පා පන්දුව එහා මෙහා හුවමාරු වෙයි.

ඩුකෝ විසින් පිටියේ මැද කරන ආශ්චර්යත්මක පන්දු කෙළිය කල්ලන් සහ සුදු මහත්තුරැන්ට පවා විශ්මය දනවන්නක්. සුදු මහත්වරුන් වෙනුවෙන් ක්‍රීඩා කරන කින්ග්ස් කණ්ඩායම මෙි වන විට ගෝල හ⁣යක් ලකුණු පුවරැවෙි සටහන් කරද්දී සපත්තු රහිත කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කරන්නේ පුංචි පහේ බුහුටි ඩුකෝ ය. ගෝල 6-5 ක් ලෙස ලකුණු පුවරුවෙි ස්ථානගත වෙද්දී තරඟයෙ ජයග්‍රහණය ඩුකෝගේ ප්‍රතිමල්ලවයන් ජයග්‍රහණය අත්පත් කරගනිද්දී සහ ඩුකෝ ප්‍රමුඛ සහ මිතුරන් කැළ වෙනුවෙන් බ්‍රසිලියානු ප්‍රේක්ෂකයා ඔල්වරසන් දෙන අවස්ථාව තුළින් චිත්‍රපටය ආරම්භය සහ ඉදිරි ගලායාම සමිබන්ධව පොහොසත් තැනකට පත් කරන්නට අධ්‍යක්ෂවරයා සමත් වෙලා තියෙනවා.

මෙවැනි පසුබිමක තමා බ්‍රසීලය සහ උරැගුවෙි කණ්ඩායම අතර පා පන්දු ලෝක කුසලානේ අවසන් මහා තරඟය පැවැත්වෙන්නෙත්. අවාසනාවට බ්‍රසීලය උරැගුවෙි හමුවෙි පරාජයට පත් වෙනවා. 1950 දහසයවැනි දා යනු බ්‍රසීල වැසියන්ගේ නෙත් කඳුළින් තෙත් කළ දිනයක්. ඩුකෝගේ පියා දැඩ් පාපන්දුලෝලියකු නිසාම ඔහුට නිවෙස බලා යන්නට සිදු වන්නේ බලාපොරොත්තු රහිත හැඬු කඳුළින්. නමුත් ඩුකෝට බ්‍රසීලයේ පරාජය පිළිබඳව එතරමි ගණන් නොගනී. ඩුකෝ සහ ඩුකොගේ පියා නිවෙස බලා යන අතරතුර පවසන්නේ “තාත්තේ, මම බ්‍රසීලය වෙනුවෙන් ලෝක කුසලනයක් දිනන්නමි. මම පොරොන්දු වෙනවා”

පුංචි ඩුකෝගේ ඒ පොරොන්දුවත් සිතෙහි ධාරණය කරගෙන ඔහුගේ පා පන්දු ලෝක කුසලානය සඳහා අඩිතාලම සකස් කර දෙන්නට ඩුකෝගේ දෙමවිපියන් යුහුසුළු වෙනවා. ඩුකෝගේ පියාගේ අරුමැසි පා පන්දු පහරවල්, යහළු මිත්‍රාදීන්ගෙන් පා පන්දු සෙල්ලමිවලින් ලත් අත්දැකීමි රාශියක් පොදි බැඳගෙන බ්‍රසීලයේ ප්‍රබල පාපන්දු ක්‍රීඩා සමාජයක් වන රියෝ ද ජැනයිරෝ හි පිහිටි “සැන්ටෝස්”ක්‍රීඩා සමාජයට ඇතුලත් වීමට වරමි ලබනවා.

“Pele:Birth of a legend” හි මුළුමනින්ම පාහේ පේලේ නමැති ලෝක ප්‍රකට පා පන්දු චරිතයට පමණක් ලඝු නොවී, ඔහුගේ ඇතුළාන්තය සහ ඔහු ගෙවු දුක්ඛිත ජීවිතය පිළිබඳ හරස්කඩක් කපා පෙන්වන්නට Pele අධ්‍යක්ෂවරයා සමත් වෙලා තියෙනවා. 1958 ලෝක කුසලාන තරඟාවලිය සඳහා පේලේගේ ගමනාන්තය රෝසමල් යහනාවක් මතින් ඇවිද ගිය එකක් නොවෙි. එවකට බ්‍රසීලය මුල්බැස ගෙන තිබු සුදු අධිරාජ්‍යවාදයේ උසුළු විසුළු මධ්‍යයේ, විට්න් විට ලක්වන ඇඳවැටීමි හමුවෙි තමයි ඔහු 1958 දී ස්වීඩනය පරදා බ්‍රසීලයට පා පන්දු කිරැළක මිහිරියාව ගෙන දෙන්නට සමත් වන්⁣නේ.

පේලේගේ ආවෙිණික පා පන්දු පහරවල් හමුවෙි, ගෝල ලබා ගැනීමි මඟින් ප්‍රතිමල්ලවයන් අන්දමන්ද කරමින් යුගයට ගැළපෙන හුරැබුහුටි විලාසය සහ රිද්මය පා පන්දු ලොවට දායාද කළ අයුරැ චිත්‍රපටය තුළ හසුකරගන්නට සමත් වෙලා තියෙනවා. තමන්ට උසුළු විසුළු කළවුන්ට පේලේ විසින් පා පන්දු පහරවල් ඔස්සේ පිළිතුරු දෙන්නට සමත් වෙනවා. පේලේගේ පාපන්දු ජයග්‍රහණය සේම පියකු සහ පුතකු අතර ඇතිවන සබැඳියාව, පියකුගෙ පුහුණකරු භුමිකාව රූපමය වශයෙන් ස්පර්ශ කිරීම හරහා පේලේගේ අභ්‍යන්තරය ඉස්මතු කර තිබීම කැපී පෙනෙන ලක්ෂණයක්.

චිත්‍රපටය තුළ වසා පැතිරුණු කොළ පැහැයට හුරු වර්ණ සංයෝජනය(Greenish Color Tone) බ්‍රසීලයේ හරිත පැහැය සහ බ්‍රසීල ධජය පිළිබඳ සංකේතාත්මකව හඟවයි. ඒ.ආර් රාහුමාන්ගේ පසුබිමි සංගීතය හරහා චිත්‍රපටය තුළට රිද්මය සමඟ කැටි වු පා පන්දු ක්‍රීඩාවට ආවෙිණික වටාපිටාවක් නිර්මාණය කරයි. ක්‍රීඩා – චරිතාපාදාන ශානරය යටතේ එතෙක් මෙතෙක් බිහි වු විශිෂ්ටතම සිනමා කෘතියක් වන Pele:Birth of a Legend හි පේල් චරිතය ලොව එතෙක් මෙතෙක් බිහිවන ඔිනෑම ක්‍රීඩකයකුට පරමාදර්ශය සපයන චරිතයකි.

පරමාදර්ශී ක්‍රීඩකයකුගේ භුමිකාව ද, ජීවිත අත්දැකීමි ආශ්‍රයෙන් ලත් පන්නරය ආදී සුසංයෝගය සමඟින් Pele:Birth of a legend චිත්‍රපටය මෙරට සිනමාකරුවන් අඩු වැඩි වශයෙන් බටහිර දැනුමි ආධිපත්‍යය ගොදුරැ බවට ඇති වටපිටාවක් තුළ මෙරට තුළ දී යථාර්ථයෙන් බොහෝ ඈත ස්ථානයක පවතින හුදෙක් තවත් එක් චිත්‍රපටයක් පමණක් වීම ඛේදජනක සිදුවීමකි.

සටහන – මලින්ත විතානගේ (Pele: Birth of a legend චිත්‍රපටියේ විචාරය තුළින්)

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

1 day ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

1 day ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago