Wednesday, March 25, 2026
Homeදේශීය2001 - 2021 මෙරට කඳුකර කොටින් 145 ක් මරා දමයි

2001 – 2021 මෙරට කඳුකර කොටින් 145 ක් මරා දමයි

කඳුකර කොටින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා නව ආරක්ෂිත දැළක් වනජීවි දෙපාර්තමේන්තුව විසින් අත්හදා බලයි.

සතුන් දඩයම් කර ගැනීමේ අරමුණින් විවිධ පුද්ගලයින් විසින් අටවන දල මඳු හා උගුල්වලින් කඳුකර කොටින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා මෙම ආරක්ෂිත දැළ නුවරඑළිය ගැල්වෙස්ටර් වතුයායේ දී වනජීවි දෙපාර්තමේන්තුව විසින් අත්හදා බලා තිබෙනවා.

විවිධ පුද්ගලයින් විසින් අටවන ලද මඳුවලට හසුවීමෙන් මෙම වසර තුළ දුර්ලභ කඳුකර කොටින් 06 දෙනෙකු පමණ මරණයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

මඳු උගුල් ඇටවීම සහ දඩයම් කිරීමෙන් 2001 සිට 2021 වසර දක්වා මිනිස්සුන් විසින් මරා දමා ඇති මෙරට කොටින් සංඛාව 145 ක් වන අතර ඉන් 72% ක් වාර්තා වන්නේ මධ්‍යම කඳුකරයෙනි.

මේ වන විට ශ්‍රී ලංකාවේ කොටිගහනය 600 කි.

READ:   ඉතාලිය තුන්වැනි වරටත් ලොක්ඩවුන් කරයි Italy Heading for a Third Lockdown
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්