පෙරපාසලේ ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ කැමැත්ත ඉෂ්ට කිරීම සඳහා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුතුමිය විසින් පෙරපාසලට ඩෝසර් රථයක් රැගෙන ආව පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
සිසු දරුවන්ගේ දැඩි කැමැත්ත නිසාත් බස්,වෑන්, කාර් රථ.. මෙන් පහසුවෙන් දරුවන්ට දකින්න නොලැබෙන රථයක් නිසාත් ඩෝසර් රථයක් සිය පෙරපාසලට ගෙන්වා දරුවන්ට එම අත්දැකීම සජීවිව ලබාදීම තමන්ගේ අපේක්ෂාව වූ බව පෙරපාසලේ ගුරුතුමිය ප්‍රකාශ කර තිබුණා.








