දේශීය

රොටරි සමාජයෙන් මිලියන 60ක ඖෂධ පරිත්‍යාගයක්

ජාත්‍යන්තර රොටරි සමාජය විසින් මෙරට සෞඛ්ය පද්ධතිය සඳහා අත්‍යවශ්‍යව පවතින රුපියල් මිලියන 60 වටිනා කමින් යුත් ඖෂධ තොගයක් ප්‍රදානය කර තිබෙනවා.

ගර්භණී මව්වරුන්ගේ අධිරුධිර පීඩනය සඳහා භාවිත කරන ඖෂධ, දරු ප්‍රසූතියේදී අවශ්‍ය කරන ඖෂධ සහ කුඩා දරුවන්ගේ චර්ම රෝග සඳහා භාවිත කරන ඖෂධ ආදී ඖෂධයන් රැසක් මෙම ඖෂධ තොගය තුළ ඇතුලත් බව සඳහන් වෙනවා.

මෙම ඖෂධ තොගය ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපතිනී ජෙනිෆර් ජොන්ස් මහත්මිය විසින් ඊයේ (15) සෞඛ්ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබුවා.

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වන ඖෂධ හඳුනාගනිමින් ඉදිරියටත් මෙවැනි පරිත්‍යාගයන් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර රොටරි සමාජයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබුණා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago