ජාත්‍යන්තර රොටරි සමාජය විසින් මෙරට සෞඛ්ය පද්ධතිය සඳහා අත්‍යවශ්‍යව පවතින රුපියල් මිලියන 60 වටිනා කමින් යුත් ඖෂධ තොගයක් ප්‍රදානය කර තිබෙනවා.
ගර්භණී මව්වරුන්ගේ අධිරුධිර පීඩනය සඳහා භාවිත කරන ඖෂධ, දරු ප්‍රසූතියේදී අවශ්‍ය කරන ඖෂධ සහ කුඩා දරුවන්ගේ චර්ම රෝග සඳහා භාවිත කරන ඖෂධ ආදී ඖෂධයන් රැසක් මෙම ඖෂධ තොගය තුළ ඇතුලත් බව සඳහන් වෙනවා.
මෙම ඖෂධ තොගය ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපතිනී ජෙනිෆර් ජොන්ස් මහත්මිය විසින් ඊයේ (15) සෞඛ්ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබුවා.
ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වන ඖෂධ හඳුනාගනිමින් ඉදිරියටත් මෙවැනි පරිත්‍යාගයන් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර රොටරි සමාජයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…