දේශීය

ඇල්ල සංවර්ධනයට ජනපතිගෙන් කඩිනම් උපදෙස්

ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඇල්ල ව්‍යාපාරිකයන්ගේ සංගමය සමග ජනාධිපතිවරයා අද (16) ඇල්ල ෆලවර් ගාර්ඩ්න් හෝටලයේ සාකච්ඡාවක් සඳහා එක් වූ අතර සංචාරක, නාගරික සංවර්ධන සහ පරිසර යන අමාත්‍යාංශයන් එක්ව මාස 4 ක් තුළ ඇල්ල සංචාරක කලාපය සංවර්ධන සඳහා අවශ්‍ය සැලසුම සකස් කරන ලෙස ජනාධිපතිවරයා එම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

සංචාරක ආකර්ෂණයට බාධා නොවන ලෙස සෞන්දර්යාත්මක පරිසරය ආරක්ෂා කරගනිමින් විධිමත් සැලැස්මකට අනුව ඇල්ල සංචාරක කලාපය සංවර්ධනය කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ෂණීය ගමනන්තයක් බවට ඇල්ල සංචාරක කලාපය පත් කරන බව සඳහන් කළා.

ඇල්ල ප්‍රදේශය වෙත පැමිණි දෙස් විදෙස් සංචාරකයින් සමඟ ජනාධිපතිවරයා සුහද කතා බහක ද නිරත වුණා.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago