ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඇල්ල ව්‍යාපාරිකයන්ගේ සංගමය සමග ජනාධිපතිවරයා අද (16) ඇල්ල ෆලවර් ගාර්ඩ්න් හෝටලයේ සාකච්ඡාවක් සඳහා එක් වූ අතර සංචාරක, නාගරික සංවර්ධන සහ පරිසර යන අමාත්‍යාංශයන් එක්ව මාස 4 ක් තුළ ඇල්ල සංචාරක කලාපය සංවර්ධන සඳහා අවශ්‍ය සැලසුම සකස් කරන ලෙස ජනාධිපතිවරයා එම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
සංචාරක ආකර්ෂණයට බාධා නොවන ලෙස සෞන්දර්යාත්මක පරිසරය ආරක්ෂා කරගනිමින් විධිමත් සැලැස්මකට අනුව ඇල්ල සංචාරක කලාපය සංවර්ධනය කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ෂණීය ගමනන්තයක් බවට ඇල්ල සංචාරක කලාපය පත් කරන බව සඳහන් කළා.
ඇල්ල ප්‍රදේශය වෙත පැමිණි දෙස් විදෙස් සංචාරකයින් සමඟ ජනාධිපතිවරයා සුහද කතා බහක ද නිරත වුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…