Tuesday, April 21, 2026
Homeදේශීයප්‍රදේශ කිහිපයකට අද වැසි

ප්‍රදේශ කිහිපයකට අද වැසි

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශසහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය දෙසැම්බර් මස 06 වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම අඩු පීඩන තත්වය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් (ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරමින්) ක්‍රමයෙන් සුළි කුණාටුවක් බවට වර්ධනය වී නිරිත දිග බෙංගාල බොක්ක හරහා දෙසැම්බර් 08 වනදා වන විට තමිල්නාඩු වෙරල තීරයට ලගා විය හැකියි.

එම පද්ධතියේ බලපෑම නිසා දෙසැම්බර් මස07 සහ 08 යන දින වලදී උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් ඇතිවිය හැකියි.

අද නැගෙනහිර පළාතේ වැසි වාර කීපයක් ඇති වේ.

සබරගමුව පළාතේත්හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

READ:   පොල්ගහවෙල ප්‍රධාන දුම්රිය හරස් මාර්ගය වැසේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්