ICC T/20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පියවර ගෙන තිබේ.
2022.10.16 වන දින සිට 2022.11.13 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ ICC T/20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ මීට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(3) වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ගේ සභාපතිත්වයෙන් සහ සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කර තිබේ.
එහි සභාපතිත්වය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ද සාමාජිකයින් ලෙස හිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතා, විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස් මහතා, නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු මහත්මිය යන අය පත් කර තිබේ.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…