රුක්මනිදේවිය ඉපදුන බවට සැලකෙන වසර 11 ක පමණ කාලයක සිට වසා ඇති පෙරට්ටාසි පැරණි රෝහල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ කලාපයේ දුෂ්කර ගම්මානයක් ලෙසින් හදුන්වන පෙරට්ටාසි ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පසුගිය දිනක (27) සිදුවිය.
එහිදී එම ගම්මානයේ ජනතාව මුහුණ දෙනු ලබන බස් රථ ගැටලුව, මහා මාර්ග ගැටලුව, මාතෘ සයනයක අවශ්‍යතාව වැනි ගැටලු සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයා සිය අවධානය යොමු කර ඇත.
වසර 11ක කාලයක් වසා දමා ඇති පෙරට්ටාසි පැරණි රෝහල නිරීක්ෂණය කිරීමට ද එම මහතා කටයුතු කර තිබුණු අතර එම රෝහලේ ලිපි ලේඛන අතර රුක්මණී දේවියගේ උප්පැන්න සහතිකය තිබුන බවට විශ්වාස කරන අතර රාවනාගේ කරත්ත පාර , ගැරඬි ඇල්ල ආදී සංචාරක ආකර්ෂණ රැසක් මෙම ගම්මානය සතුව තිබීම විශේෂත්වයකි.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පත
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…