ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයකර විශ්‍රාම ලබන වෘත්තීය දක්ෂතාවලින් පරිපූර්ණ යුද්ධ හමුදා සාමාජිකයින්ට තම සුදුසුකම් අනුව රැකියා අවස්ථා සොයාගැනීම පහසු කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේගේ සංකල්පයක් අනුව නිර්මාණය කළ නව වෙබ් අඩවිය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පසුගිය දා එළිදැක්වීය.
වෘත්තීය විශේෂඥතාවයෙන් හෙබි යුද්ධ හමුදා සාමාජිකයින් විශ්‍රාම යෑමෙන් පසුව වෙනත් වෘත්තියක නිරතවීමට බලාපොරොත්තුවන්නේ නම් ඔවුන් මෙම වෙබ් අඩවිය පරිශීලනය කර තමන්ට ගැලපෙන වෘත්තියක් සොයාගැනීමේ හැකියාව හිමිවේ.
ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් ලලිත් හේරත් සහ තොරතරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සජිත් ලියනගේ ගේ මඟපෙන්වීම යටතේ තොරතරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කරනු ලැබීය. දිවයින පුරා ස්ථාපිත ප්‍රධාන පෙළේ සමාගම් 13 ක් මේ වනවිට මෙම නව වෙබ් අඩවිය සමඟ ලියාපදිංචි වී ඇත.
දිලංක ගුණතිලක
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…