Monday, April 20, 2026
Homeදේශීයප්‍රදේශ කිහිපයකට අදත් වැසි

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවර එළිය දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර පළාතේත් නුවර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුයැවීමේ හිස් තැන් ගැන ලසිත් මාලිංග කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්