දේශීය

විභාගයෙන් A- 9 ක් ගත් සිසුවාට ගිනි තබයි

සැත්කමක් කළ සිසුවාට අසාධ්‍යයි

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය ඒ සමාර්ථ නවයක් සමඟින් සමත් වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවකුගේ ශරීරයට භූමිතෙල් දමා ගිනි තැබීම හේතුවෙන් බරපතළ තුවාල ලත් සිසුවා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

අම්පිටිය ශාන්ත බෙනඩික් විදුහලේ අධ්‍යාපනය ලබමින් සිට ඇති මෙම සිසුවා තමන් ලද විශිෂ්ට ප්‍රතිපලය මිත්තණියට දැනුම් දීම සඳහා 26 දින රාත්‍රියේ යමින් සිටියදී මී කණුව එකේ කණුවේ දී මෙම සිද්ධියට මුහුණ දී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

අම්පිටිය මැද්දේගම ප්‍රදේශයේ පදිංචි සිසුවා ඔහුගේ නි‍ෙවස ආසන්නයේදීම මෙම ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ පියා ද ළඟ සිටියදීය. ඉදිරියට පැමිණි පුද්ගලයකු ලාම්පුතෙල් ඉස ගිනි තබා පලා ගිය බවද තම පුතාට ගිනි තැබූ පුද්ගලයා හඳුනා ගැනීමට නොහැකි බවද පියා පොලිසියට පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත මත්කුඩුවලට ඇබ්බැහිවූ අම්පිටිය මීකණුව ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි. සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙන බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා පවසයි.

භූමිතෙල් ගිනිගෙන දැවීම නිසා සිසුවාගේ ගෙල ප්‍රදේශයේ සිට පහළට සම්පූර්ණයෙන්ම පිළිස්සී ඇති අතර ඊයේ (28) පෙරවරුවේ ඔහු සැත්කමකට ලක්කර ඇත. ඉදිරියේ දී ඔහු තවත් සැත්කමකට ලක් කිරීමට නියමිතය.

අම්පිටිය ප්‍රදේශය බිය ගන්වමින් කලක පටන් ක්‍රියාත්මක වන මැර කල්ලියක සාමාජිකයකු මෙම ගිනි තැබීම සිදුකර තිබෙන බවත් සිසුවාගේ පවුලේ උදවිය ඔවුන්ට ඇති බිය නිසා සිද්ධිය වසන් කරන බවත් ප්‍රදේශවාසීහු පවසති.

පසුගිය කාලය පුරා මෙවැනි අමානුෂික ක්‍රියා ගණනාවක් මෙම මැර කල්ලි විසින් සිදුකළ නමුත් පොලීසිය ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග නොගත් බවට ප්‍රදේශවාසීහූ චෝදනා කරති.

හෙරෝයින්, ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම භාවිත කරන්නන් කලක පටන් අම්පිටිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව භීතියට පත් කරමින් එළිපිට කප්පම් ගැනීම් සිදු කරන නමුත් ජීවිතාරක්ෂාව වෙනුවෙන් නිහඬව සිටීමට සිදුව ඇතැයි පෙන්වා දෙන ප්‍රදේශවාසීන් අපරාධකරුවන් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදුන් විට ඇතැම් නිලධාරීන් තොරතුරු ලබාදුන් පුද්ගලයන්ගේ අන්‍යන්‍යතාව අපරාධකරුවන් හමුවේ හෙළි කිරීම නිසා කිසිවකුත් මෙම මැර කල්ලිවලට එරෙහිව කටයුතු කරන්නට ඉදිරිපත් නොවන බවත් පවසති.

නිවසට වී අධ්‍යාපන කටයුතුවලට මූලිකත්වය දී ජීවත්වන අහිංසක දරුවන්ට ජීවත් වීමට නොහැකි ලෙස මේ වනවිට අම්පිටිය ප්‍රදේශය කප්පම්කරුවන්ගේ හා මැර කල්ලිවල ග්‍රහණයට අසුව ඇතත් පොලිසිය ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු ක්‍රියා මාර්ග නොගන්නා බව ප්‍රදේශවාසීහු පවසති.

අපේ දරුවාට සිදුවූ විපත අපි බලා ගන්නම් මේවා මාධ්‍ය මගින් හෙළි කරලා අපිටත් පාරේ බැහැලා යන්න ලැබෙන්නේ නැතැයි සිසුවාගේ ඥාතීන් පවසන අතර ඔවුන් අද පත්ව සිටින අසරණ තත්ත්වය එයින්ම පැහැදිලි කර ගැනීමට පුළුවන.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago