දේශීය

ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරඟ තුනකින් සමන්විත තරඟාවලියේ පළමු තරඟය ඊයේ (25) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08 ක් දැවී ලකුණු 294 ක් ලබා ගත්තා.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ IBRAHIM ශතකයක් රැස් කළා.

GURBAZ ලකුණු -53 ක් RAHMAT ලකුණු -52 ක් වශයෙන් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 02 ක් දවා ගත් අතර ලහිරු කුමාර, දසුන් ශානක, කසුන් රාජීත සහ මහීෂ් තීක්ෂණ කඩුළු 01 බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 295 ක ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 234 ක් පමණයි.

38 වන පන්දුවාරය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් කටයුතු කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු – 85 ක් වනිඳු හසරංග ලකුණු 66 ක් වශයෙන් ලබාගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති පළමු එක්දින තරඟයයේ ලකුණු 60 ක පෙරලිකාර ජයග්‍රාහණයක් තමන් සතු කර ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ සමත් වුණා.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

20 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

20 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago