සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරඟ තුනකින් සමන්විත තරඟාවලියේ පළමු තරඟය ඊයේ (25) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08 ක් දැවී ලකුණු 294 ක් ලබා ගත්තා.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ IBRAHIM ශතකයක් රැස් කළා.
GURBAZ ලකුණු -53 ක් RAHMAT ලකුණු -52 ක් වශයෙන් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 02 ක් දවා ගත් අතර ලහිරු කුමාර, දසුන් ශානක, කසුන් රාජීත සහ මහීෂ් තීක්ෂණ කඩුළු 01 බැගින් බිඳ හෙළීමට සමත් වුණා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 295 ක ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 234 ක් පමණයි.
38 වන පන්දුවාරය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් කටයුතු කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු – 85 ක් වනිඳු හසරංග ලකුණු 66 ක් වශයෙන් ලබාගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති පළමු එක්දින තරඟයයේ ලකුණු 60 ක පෙරලිකාර ජයග්‍රාහණයක් තමන් සතු කර ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ සමත් වුණා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…