Friday, August 14, 2026
Homeදේශීයඩී.ඒ. රාජපක්ෂ ගුණ සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

ඩී.ඒ. රාජපක්ෂ ගුණ සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 55 වන ගුණ සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේදී පවත්වා තිබෙනවා.

මහා විහාර වංශික රාමඤ්ඤ මහ නිකායේ අනුනායක පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී හිමියන් විසින් මුලසුන හෙබවූ ගුණ සැමරු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපතිවරයා සහභාගි වුණා.

ගුණ සමරු දේශනය ඇතුළත් කෘතිය ජනාධිපතිවරයාට පිළිගැන්වීමෙන් අනතුරුව ඩි.ඒ රාජපක්ෂ පිළිරුවට මල්දමක් පළඳා උපහාර දැක්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිදු කරණු ලැබුවා.

මෙම අවස්ථාව සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගාමිණි ලොකුගේ.. ඇතුළු තවත් පිරිසක් සම්බන්ධ වී තිබුණා.

READ:   මහින්ද රාජපක්ෂ කඩල දන්සලක් පවත්වයි (PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්