දේශීය

ආබාධිතයින් සම්බන්ධ කාර්යාලයෙන් පණිවිඩයක්

අඩු ආදායම්ලාභී ආබාධිත පුද්ගලයන් සහ හඳුනා නොගත් වකුගඩු රෝගීන් 72,000 ක් සඳහා ලබා දෙන රුපියල් 5000 ක ජීවන ආධාරය එම පිරිසෙන් 390150 ක වකුගඩු රෝගීන් හට ලැබෙන බව අබාධිතයින් සම්බන්ධ මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක අනුරාධා හේරත් මහත්මිය පවසනවා.

අබාධිත පුද්ගලයින්ගේ නිත්‍ය දීමනාව සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 4320 සහ වකුගඩු රෝගීන්ගේ නිත්‍ය දීමනාව සඳහා වාර්ෂිකව මිලියන 2349 ක් වෙන් කරන බව එතුමිය ප්‍රකාශ කළා.

සමෘද්ධි සහන හෝ වැඩිහිටි දීමනා නොලබන තෝරාගත් අබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා ලෝක බැංකු ආධාර යටතේ රුපියල් 2500 ක අතිරේක දීමානාවක් ලබා දුන් බව ඇය සඳහන් කළා.

2023 ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා අබාධිත පුද්ගලයින් සඳහා ලබාදෙන මෙම නිත්‍ය දීමනාව වෙනස් නොකර ලබා දෙන බවත් කිසිසේත්ම එම ආධාර මුදල කප්පාදුවක් නොකරන බවත් ඇය පැවසුවා.

යම් ප්‍රමාදයක් සිදු වුවත් එම සියලු දීමනා සමෘද්ධි බැංකුව හරහා ආබාධිත පුද්ගලයින් හට ලබා දෙන බවයි එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago