අඩු ආදායම්ලාභී ආබාධිත පුද්ගලයන් සහ හඳුනා නොගත් වකුගඩු රෝගීන් 72,000 ක් සඳහා ලබා දෙන රුපියල් 5000 ක ජීවන ආධාරය එම පිරිසෙන් 390150 ක වකුගඩු රෝගීන් හට ලැබෙන බව අබාධිතයින් සම්බන්ධ මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක අනුරාධා හේරත් මහත්මිය පවසනවා.
අබාධිත පුද්ගලයින්ගේ නිත්‍ය දීමනාව සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 4320 සහ වකුගඩු රෝගීන්ගේ නිත්‍ය දීමනාව සඳහා වාර්ෂිකව මිලියන 2349 ක් වෙන් කරන බව එතුමිය ප්‍රකාශ කළා.
සමෘද්ධි සහන හෝ වැඩිහිටි දීමනා නොලබන තෝරාගත් අබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා ලෝක බැංකු ආධාර යටතේ රුපියල් 2500 ක අතිරේක දීමානාවක් ලබා දුන් බව ඇය සඳහන් කළා.
2023 ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා අබාධිත පුද්ගලයින් සඳහා ලබාදෙන මෙම නිත්‍ය දීමනාව වෙනස් නොකර ලබා දෙන බවත් කිසිසේත්ම එම ආධාර මුදල කප්පාදුවක් නොකරන බවත් ඇය පැවසුවා.
යම් ප්‍රමාදයක් සිදු වුවත් එම සියලු දීමනා සමෘද්ධි බැංකුව හරහා ආබාධිත පුද්ගලයින් හට ලබා දෙන බවයි එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…