Thursday, April 23, 2026
Homeදේශීයආබාධිතයින් සම්බන්ධ කාර්යාලයෙන් පණිවිඩයක්

ආබාධිතයින් සම්බන්ධ කාර්යාලයෙන් පණිවිඩයක්

අඩු ආදායම්ලාභී ආබාධිත පුද්ගලයන් සහ හඳුනා නොගත් වකුගඩු රෝගීන් 72,000 ක් සඳහා ලබා දෙන රුපියල් 5000 ක ජීවන ආධාරය එම පිරිසෙන් 390150 ක වකුගඩු රෝගීන් හට ලැබෙන බව අබාධිතයින් සම්බන්ධ මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක අනුරාධා හේරත් මහත්මිය පවසනවා.

අබාධිත පුද්ගලයින්ගේ නිත්‍ය දීමනාව සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 4320 සහ වකුගඩු රෝගීන්ගේ නිත්‍ය දීමනාව සඳහා වාර්ෂිකව මිලියන 2349 ක් වෙන් කරන බව එතුමිය ප්‍රකාශ කළා.

සමෘද්ධි සහන හෝ වැඩිහිටි දීමනා නොලබන තෝරාගත් අබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා ලෝක බැංකු ආධාර යටතේ රුපියල් 2500 ක අතිරේක දීමානාවක් ලබා දුන් බව ඇය සඳහන් කළා.

2023 ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා අබාධිත පුද්ගලයින් සඳහා ලබාදෙන මෙම නිත්‍ය දීමනාව වෙනස් නොකර ලබා දෙන බවත් කිසිසේත්ම එම ආධාර මුදල කප්පාදුවක් නොකරන බවත් ඇය පැවසුවා.

යම් ප්‍රමාදයක් සිදු වුවත් එම සියලු දීමනා සමෘද්ධි බැංකුව හරහා ආබාධිත පුද්ගලයින් හට ලබා දෙන බවයි එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

READ:   අද දවසේ කාලගුණය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්