මොටර් රථ ලියාපදිංචි ගාස්තු ඉහළ දමමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (17) නිකුත් කර තිබුණා. මෙම ගැසට් නිවේදනයට අනුව මොටර් රථ ලියාපදිංචි ගාස්තුව සහ වාර්ෂික බලපත්‍ර ගාස්තූන් අද (18) සිට ඉහළ යනු ලබනවා.
ඒ අනුව ඉහළ දමා ඇති නව රථ වාහන ලියාපදිංචි ගාස්තූන් පහතින්,
එන්ජින් ධාරිතාව 1600ට අඩු මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සඳහා වන නව ගාස්තුව රුපියල් 25,000 ක්
එන්ජින් ධාරිතාව 1600 ට වැඩි මෝටර් රථ සඳහා නව ලියාපදිංචි ගාස්තුව රුපියල් 40,000 ක්
මෝටර් ගිලන් රථ සහ මෝටර් අවමංගල්‍ය රථ ලියාපදිංචි ගාස්තුව රුපියල් 10,000 ක්
ආබාධ සහිත පුද්ගලයින් භාවිත කරනු ලබන වාහන සඳහා ලියාපදිංචි ගාස්තුව රුපියල් 2,000 ක්
යතුරු පැදියකින් සඳහා ලියාපදිංචි ගාස්තුව රුපියල් 3,000 ක්
කිලෝග්‍රෑම් 762 කට අඩු පෙට්‍රල් මෝටර් රථ සඳහා ලියාපදිංචි ගාස්තුව රුපියල් 2500 ක්
කිලෝග්‍රෑම් 762 කට වැඩි ඩීසල් මෝටර් රථ සඳහා ලියාපදිංචි ගාස්තුව රුපියල් 3,900 ක්
ලෙස රථ වාහන ලියාපදිංචි ගාස්තූන් අද ඉහළ දමා ඇති බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වනවා.



