Friday, April 24, 2026
Homeදේශීයරථ වාහන ලියාපදිංචි ගාස්තු අද සිට ඉහළට

රථ වාහන ලියාපදිංචි ගාස්තු අද සිට ඉහළට

මොටර් රථ ලියාපදිංචි ගාස්තු ඉහළ දමමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (17) නිකුත් කර තිබුණා. මෙම ගැසට් නිවේදනයට අනුව මොටර් රථ ලියාපදිංචි ගාස්තුව සහ වාර්ෂික බලපත්‍ර ගාස්තූන් අද (18) සිට ඉහළ යනු ලබනවා.

ඒ අනුව ඉහළ දමා ඇති නව රථ වාහන ලියාපදිංචි ගාස්තූන් පහතින්,

එන්ජින් ධාරිතාව 1600ට අඩු මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සඳහා වන නව ගාස්තුව රුපියල් 25,000 ක්

එන්ජින් ධාරිතාව 1600 ට වැඩි මෝටර් රථ සඳහා නව ලියාපදිංචි ගාස්තුව රුපියල් 40,000 ක්

මෝටර් ගිලන් රථ සහ මෝටර් අවමංගල්‍ය රථ ලියාපදිංචි ගාස්තුව රුපියල් 10,000 ක්

ආබාධ සහිත පුද්ගලයින් භාවිත කරනු ලබන වාහන සඳහා ලියාපදිංචි ගාස්තුව රුපියල් 2,000 ක්

යතුරු පැදියකින් සඳහා ලියාපදිංචි ගාස්තුව රුපියල් 3,000 ක්

කිලෝග්‍රෑම් 762 කට අඩු පෙට්‍රල් මෝටර් රථ සඳහා ලියාපදිංචි ගාස්තුව රුපියල් 2500 ක්

කිලෝග්‍රෑම් 762 කට වැඩි ඩීසල් මෝටර් රථ සඳහා ලියාපදිංචි ගාස්තුව රුපියල් 3,900 ක්

ලෙස රථ වාහන ලියාපදිංචි ගාස්තූන් අද ඉහළ දමා ඇති බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වනවා.

READ:   චීනයට ප්‍රබල සුළි කුණාටුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්