Monday, April 20, 2026
Homeදේශීයමිනිස් ජාවාරම් කරුවන් සොයා දිවයින පුරා වැටලීම්

මිනිස් ජාවාරම් කරුවන් සොයා දිවයින පුරා වැටලීම්

මිනිස් ජාවාරම්කරුවන් සහ මිනිස් වෙළඳාමට සම්බන්ධ පුද්ගලයින් සොයා දීප ව්‍යාප්තව වැටලීම් සිදු කිරීමට පියවර ගන්නා බව රජයේ මාධ්‍ය අංශය වාර්තා කරනවා.

මිනිස් ජාවාරම් සම්බන්ධ පුද්ගලයින් සොයා වැටලීම් ආරම්භ කර ඔවුන්ට තරාතිරම නොබලා දඩුවම් ලබාදීමට කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන්. එමෙන්ම ජාවාරම්කරුවන්ට එරෙහිව ගනු ලබන පියවර වල ප්‍රගතිය සෑම සති දෙකටම වරක් නිලධාරීන් රැස්වී සමාලෝචනය කිරීමට ද අපේක්ෂා කරන බවයි රජයේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

දේශීය මෙන්ම විදේශීය මිනිස් ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කරවා ගැනීමට පියවර ගැනීමට සහ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටත් අවධානය යොමු කර ඇති බව නිවේදනයේ සඳහන් වනවා.

READ:   ලෝක සාගර දිනය අදයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්