දේශීය

දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීමට පියවර

2023 වර්ෂය සඳහා වන අය වැය වාර්තාව ඉදිරිපත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වන විට අද (14) පර්ලීමේන්තුව තුළදී සිදු කරනවා. දේශගුණික විපර්යාස පිළිබඳ ගෝලීය විශ්වවිද්‍යාලයක් මෙරට තුළ ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර සිටියා.

ගෝලීය දේශගුණික විපර්යාසය අවම කිරිමේ අරමුණින් සහ දේශගුණික විපර්යාසයන් පිළිබඳ අධ්‍යාපනය, දැනුම සහ හැකියාව පුළුල් කරලීමේ අරමුණින් දේශගුණික විපර්යායයන් පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් මෙරට ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එම වැඩසටහන සඳහා රුපියල් මිලියන සියයක මුදලක් අහිනව අය වැයෙන් වෙන්කර ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

1 day ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

1 day ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago