Monday, April 20, 2026
Homeක්‍රීඩාග්ලෙන් මැක්ස්වෙල් අනතුරකට ලක්වෙයි

ග්ලෙන් මැක්ස්වෙල් අනතුරකට ලක්වෙයි

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් හදිසි අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු සිය මිතිරෙකුගේ උපන්දින සාදයකට ගොස් සිටියදී මෙලෙස අනතුරකට ලක්ව තිබෙනවා. අනතුරින් ඔහුගේ කකුළ දැඩි අබාධයකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. ඒ හේතුවෙන් දීර්ඝ කාලයක් සඳහා ග්ලෙන් මැක්ස්වෙල් හට ක්‍රිකට් අහිමිවෙනු ඇතැයි වෛද්‍යවරුන් පවසනවා.

READ:   නදීෂා ලක්මව රනින් බබළවයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්