Thursday, September 10, 2026
Homeක්‍රීඩාවිස්සයි විස්ස කිරුළ එංගලන්තය දිනා ගනී

විස්සයි විස්ස කිරුළ එංගලන්තය දිනා ගනී

2022 මෙවර T20 ලෝක කුසලානය තමා සතු කර ගැනීමට එංගලන්තය මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. ඒ පාකිස්තාන කණ්ඩායම කඩුළු 05 කින් පරාජයට පත්කරමින්.

අවසන් මහ තරඟයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 137 ක් ලබාගත්තා.

ලකුණු 138 ක ජයග්‍රහී ඉලක්කයක් හබා ගිය එංගලන්ත කණ්ඩායම කඩුලු 05 ක් දැවී, තරඟයේ පන්දුවාරයක් ඉතිරිව තිබියදී 19 වන පන්දුවාරයේ අවසන් පන්දුවේදී සිය ඉලක්කය පසුකර ගියා.

එංගලන්තය වෙනුවෙන් පන්දුවට පහරදීමේදී Ben Stokes අගනා අර්ධ ශතකයක් වාර්තා කළා.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම කඩුළු 05 කින් පරාජයට පත් කරමින් 2022 ලෝක කුසලාන කිරුළ තමා සතු කර ගැනීමට එංගලන්තය අද (13) සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්,

READ:   ශ්‍රී ලංකාවට ලකුණු 244ක ඉලක්කයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්