Saturday, April 18, 2026
HomeදේශීයN.G.O කාරයන්ගේ උවමනාවට ගුරුවරුන්ගේ ඈඳුම් වෙනස් නොකල යුතුයි - පා.ම විමල් වීරවංශ

N.G.O කාරයන්ගේ උවමනාවට ගුරුවරුන්ගේ ඈඳුම් වෙනස් නොකල යුතුයි – පා.ම විමල් වීරවංශ

පාසල් ගුරුවරිය යනු රජයේ වෙනත් නිලධාරී තනතුරක් මෙන් නොව දරුවන් ආදර්ශයට ගන්නා වෙනස් චරිතයක් බව පා.ම විමල් වීරවංශ මහතා පවසනවා. එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ වත්මන් තත්වය පිලිබඳව අද (08) රැස්වූ විශේෂ පාර්ලිමේන්තු සභාවාරය අමතමින්.

ගුරුවරයාගේ භාහිර පෙනුව යනු ඉතා වැදගත් සංවේදී කාරණයක් බවත් එදා හයිටි රාජය බිඳවැටීම සඳහා ගුරුවරයාට කැමති ඇඳුමක් ඇඳගෙන එන්න යැයි තීරණය කිරීම බලපෑ බවත් එතුමා පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් සමහර එන්.ජී.ඕ කාරයන්ට අවශ්‍යකරන විදිහට මෙරට ඓතිහාසික දිසාපාමොක් ගුරු වෘත්තියට හානි නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

READ:   ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 200ක ප්‍රදානයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්