Wednesday, June 3, 2026
Homeදේශීයඅද පස්වරුවේ චන්ද්‍රග්‍රහණයක්

අද පස්වරුවේ චන්ද්‍රග්‍රහණයක්

අද (08) පස්වරුවේදී චන්ද්‍රග්‍රහණයක් සිදු වීමට නියමිත බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ, තාරකා විද්‍යා පිළිබඳ අධ්‍යක්ෂ මහාචාර්ය වන්දන ජයරත්න මහතා පවසනවා.

මෙම චන්ද්‍රග්‍රහණය අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකිකයන්ට දැකගත හැකි අතර එය මෙම වසරේ දැකගත හැකි අවසන් චන්ද්‍රග්‍රහණය ද වෙනවා.

අද පස්වරු 5.48 ට පමණ මෙරට ජනතාවට මෙම චන්ද්‍රග්‍රහණය දිස්වෙන අතර විනාඩි 31 ක කාලයක් චන්ද්‍රග්‍රහණය නැරඹීමට හැකියාව ඇති බව වාර්තා වෙනවා.

READ:   යාපනයේ මාළු ඇල්ලූ ඉන්දියාවේ ධීවරයෝ 9ක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්