ගොඩ ඒමට නොහැකි ව්‍යවසනයකට රට පත්වීමට දුම්කොළ සහ මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රධාන හේතුවක් බව දුම්කොළ හා මත්ද්‍රව්‍ය නිවාරණ අධිකාරියේ සභාපති මහාචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා.
බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා වසර හැත්තෑගානක කාලයක් පාට පක්ෂ භේදයක් තොරව මෙරට පාලනය කළ සියලු පාලකයන් මෙම තත්ත්වයට වගකිවයුතු බව එතුමා ප්‍රකාශ කළා. ඔවුන් බලයට පැමිණිමට පෙර මත්ද්‍රව්‍යට තිත තබනවා යැයි කියමින් ජනතාවට පොරොන්දු ලබා දී ජනතාවගේ හිත දිනාගන්නා නමුත් බලයට පැමිණීමෙන් පසු ඒ පිළිබඳව කිසිදු තැකීමක් සිදු නොකරන බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.
දුම්කොළ හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා දිනකට වටිනා ජීවිත 60 ක් රටට අහිමි වන බවත් 120 ක් කාන්තාවන් වැන්දඹු බවට පත්වන බවත් පවසන එතුමා රටට තරුණ ජීවිත, බිරින්දෑවරුන්ට ස්වාමිවරු, අහිංසක දරුවන්ට පියවරු විශාල සංඛ්‍යාවක් මෙලෙස අහිමිවීම ඛේදවාචකයක් බව ප්‍රකාශ කළා.
දුම්කොළ, මත්ද්‍රව්‍ය සහ මත්පැන් මගින් රටට විශාල අදායමක් ලැබෙන බවත් එම මුදල් වලින් රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවන බවත් පැවසීම මුසාවක් බව පවසන එතුමා දුම්කොළ සහ මධ්‍යසාර මගින් රටට වසරකට ලැබෙන අදායමට සාපේක්ෂව හතර ගුණයක් වසරකට දුම්කොළ මත්ද්‍රව්‍ය නිසා බිහිවෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජය වැය කරන බව එතුමා පෙන්වා දෙනවා.
මෙරට දුම්කොළ සහ මත්ද්‍රව්‍ය භාවිතය නිසා දුම්කොළ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයකරන ආයතන සහ අධිකාරි බලය හිමි බ්‍රිතාන්‍ය සමාගම් විශාල ලභයක් ලබන බවත් පවසන එතුමා, එම මුදල් මෙරටින් පිටවූවද අතිශය සුළු ප්‍රතිශතයක් හැර රජයට අදායමක් ඊන් හිමිනොවන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබාගත්තා යැයි පැවසුවත් එවැනි නිදහසක් බ්‍රිතාන්‍ය අධිකාරියෙන් මෙරටට ලැබී තිබෙනවාද යන්න ගැටළුවක් බවයි එතුමා පෙන්වා දෙන්නේ.
දුම්කොළ සහ මත්ද්‍රව්‍ය වල බදු මුදල් වැඩි කරනවා යැයි පැවසුවත් ඉල්ලීම් කලත් පාලකයන් එලෙස සිදු නොකරන බව වෛද්‍යතුමන් පවසනවා.
මෙරට බිරින්දෑවරු ඇතුළු ජනතාවගෙන් 91% ක් දුම්කොළ සහ මත්ද්‍රව්‍ය වල මිල වැඩිකරන ලෙස ඉල්ලීම් කරන බව පැවසූ එතුමා. ජනතාවගෙන් 88.5 % ක් දුම්කොළ සහ මත්ද්‍රව්‍ය වල බදු මුදල් වැඩි කරන ලෙස ඉල්ලා සිටින බවත් ජනග්‍රහනයෙන් 2/3ක් මත්ද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරන බවත් පවසනවා. එහෙත් එවැන්නක් රට තුළ සිදු නොවන බවයි එතුමා පෙන්වා දෙන්නේ.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…