රෝහල ආශ්‍රිතව වෙල්නස් විලේජ් (Wellness Village) සංකල්පයට අනුව නව රෝහලක් ඉදි කිරීමට අදාළ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට වෙල්නස් විලේජ් සංකල්පය ක්‍රියාවට නැංවෙන අතර “මෙඩිකල් ටුවරිසම්” ප්‍රවර්ධනය එහි ඉලක්කය වී තිබේ.
විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ රෝහලක් ලෙස මෙය ඉදිකිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය කෙරිණි.
රෝහලේ සැලැස්ම පිළිබඳ සොයා බැලූ රුවන් විජේවර්ධන මහතා ඉඩම් අත්පත් කර ගැනීම් කඩිනම් කර රෝහලේ ඉදිකිරීම් ආරම්භ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
බියගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රසන්න සම්පත්, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ ලේකම් කේ.පී දයාරත්න, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රාජිත අබේගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම, බියගම ප්‍රාදේශීය ලේකම් චන්දිමා සූරියආරච්චි යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
රජයේ මාධ්‍ය අංශය
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…