දේශීය

ගෝල්ෆේස් එකේ විරෝධතා පාගමන නතර කළ පොලිස් ලොක්කන්ට අධිකරණයෙන් සිතාසි – Video

ගාලුමුවදොර සිට අලුත්කඩේ නීතිඥ සංකීර්ණය දෙසට ගිය විරෝධතා පාගමනක් නතර කරමින් අයුතු අවහිරයක් සිදු කළායැයි සැකකරන සහකාර පොලිස් අධිකාරී නලීන් දිල්රුක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් හට ලබන 08 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදීය.

මෙම පැමිණිල්ලෙන් චූදිතයන් ලෙස නම් කර ඇති පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහ⁣යේ 330 සහ ජාතික මංමාවත් පනතේ 59.1 යටතේ ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් නොතීසි නිකුත් කිරීමට සෑහීමකට පත්විය හැකි කරුණු ඇති හෙයින් පිස්කල් හා ලියාපදිංචි තැපෑල මාර්ගයෙන් ⁣සිතාසි බාර දෙන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

පැමිණිලිකරු වන තරිඳු ජයවර්ධන වෙනුවෙන් නීතිඥ මනුජය ද සිල්වා සහ නීතිඥ ජයන්ත දෙහියත්තගේ මහතා සමඟ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දැක්වීය.

ඔක්තෝබර් මස 9 වැනිදා පොලිසියේ ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තිකයන් සහ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පිරිස් විරෝධතාවයක් සූදානම් කර තිබූ බවත්, විරෝධතා පාගමන සහ එම විරෝධතා ගාලුමුවදොරින් 10 වැනි දා සවස 3 ට ආරම්භ වන බවට පැමිණිලිකරු කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට පෙර දින රාත්‍රියේ දී ඊමේල් මගින් සහ වට්ස් ඇප් මගින් දැනුම් දී ඇති බවත්, එම ඊමේල් පණිවිඩය එම අවස්ථාවේදීම පොලිස්පතිවරයාට ද පිටපත් කර ඇති බවත් අධිකරණයේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා

පැමිණිලිකරු ඇතුළු 50ක 100ක පමණ පිරිසක් සාමකාමීව පැවැත්වූ මෙම පාගමන පොලිසිය මාර්ගය වසා අවහිර කළ බවත්, පාගමන පදික වේදිකාව ඔස්සේ සාමකාමීව ඉදිරියට යද්දි පොලිසිය පදික වේදිකාව සහ මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමූ බවත් කී සාලිය පීරිස් මහතා ඊට අදාල වීඩියෝ දර්ශන ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් කළේය.


The police chiefs who stopped the protest march at the Goldface were summoned by the court

පළමු සහ දෙවැනි චුදිතයන් වන පොලිස් නිලධාරීන් දෙදෙනා මෙම අවහිර කිරීමට එම ස්ථානයේ සිටිමින් සක්‍රීයව දායක වූ බවත්, මෙම පාගමන සම්බන්ධයෙන් පැය 06කට පෙර දැනුම් දී නැතැයි කියමින් එම අවහිරය කළද පැය 06කට පෙර දැනුම් දුන් බවට පැමිණිලි කරු ප්‍රකාශ කරද්දී එය ගණන් නොගෙන නිලධාරීන් හැසිරුණු බවත්, ඔවුන් අයුතු අවහිරයක් කළේ සද්භවයෙන් නොවන බව එම ස්ථානයේ ඔවුන්ගේ හැසිරීම බැලූවිට තහවුරු වන බවත් ජනාධිපති නීතිඥවරයා කීවේය.

⁣එදින විරෝධතාවය ගැන පොලිසිය දැනුම්වත් කර තිබියදී සහ විරෝධතාවය නතර කිරීමට පොලිසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබියදීම මෙම නිලධාරීන් දෙදෙනා මෙම වැරදි ⁣මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් ද කඩ කර ඇති බවත් සාලිය පීරිස් මහතා සඳහන් කළේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා චූදිතයන් ලෙස නම් කළ නිලධාරීන් දෙදෙනාට ලබන 08 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට නියෝග කළේය.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago