2019 නොවැම්බර් මාසයේදී බදු ප්‍රමාණය අඩු කිරීම හේතුවෙන් ලැබීමට තිබූ අදායම 8.5%කට අඩුවීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය මෙරටට ලබා දීමට අකමැති වූ බව ජනාධිපතිවරයා පවසනවා. රටේ ආදායම අඩුවීමත් සමඟ කොවිඩි වසංගතය පැමිණීම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය නොසිතූ ලෙස කඩාවැටුණු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
අයවැයේ ප්‍රාථමික අතිරික්තයක් තබා ගැනීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැනුවත් කර ඇති බවත් 2026 පමණ වන විට මෙරට අදායම් දළ දේශීය නිෂ්පාදනය 8.5% සිට 14.5% දක්වා වැඩිකර ගැනීමට තීරණය කර ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ආදයම අඩුවීම හේතුවෙන් මුදල් මුද්‍රණය කිරීම නිසා රට තුළ උද්ධමනය 70% -75% දක්වා ඉහළ ගිය බව එතුමා පවසනවා.
මෙවැනි තත්වයක් තුළදී ආදායම වැඩිකර ගැනීමේ අරමුණින් රුපියල් 100,000කට වැඩි ආදායමක් ලබන පුදගලයින්ගෙන් ආදායම් බදු අයකරගැනීමට තීරණය කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
එලෙස සිදු කිරීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය මෙරටට නොලැබීමේ හැකියාව පවතින බවත් එසේ වුවහොත් නැවතත් රට තුළ පෝලිම් යුගයක් නිර්මාණය විය හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
ඉදිරියේදි තවදුරටත් අමාරු තත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ හේතුවෙන් අකමැත්තෙන් වුවද සමහර තීරණ ගැනීමට සිදුවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
සම්පූර්ණ ප්‍රකාශය පහතින්,
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…