දේශීය

සෘජු බදු වැඩි නොකළොත් තවත් අමාරු කාලයක් පැමිණිය හැකියි – ජනාධිපති (VIDEO)

2019 නොවැම්බර් මාසයේදී බදු ප්‍රමාණය අඩු කිරීම හේතුවෙන් ලැබීමට තිබූ අදායම 8.5%කට අඩුවීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය මෙරටට ලබා දීමට අකමැති වූ බව ජනාධිපතිවරයා පවසනවා. රටේ ආදායම අඩුවීමත් සමඟ කොවිඩි වසංගතය පැමිණීම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය නොසිතූ ලෙස කඩාවැටුණු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

අයවැයේ ප්‍රාථමික අතිරික්තයක් තබා ගැනීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැනුවත් කර ඇති බවත් 2026 පමණ වන විට මෙරට අදායම් දළ දේශීය නිෂ්පාදනය 8.5% සිට 14.5% දක්වා වැඩිකර ගැනීමට තීරණය කර ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ආදයම අඩුවීම හේතුවෙන් මුදල් මුද්‍රණය කිරීම නිසා රට තුළ උද්ධමනය 70% -75% දක්වා ඉහළ ගිය බව එතුමා පවසනවා.

මෙවැනි තත්වයක් තුළදී ආදායම වැඩිකර ගැනීමේ අරමුණින් රුපියල් 100,000කට වැඩි ආදායමක් ලබන පුදගලයින්ගෙන් ආදායම් බදු අයකරගැනීමට තීරණය කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එලෙස සිදු කිරීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය මෙරටට නොලැබීමේ හැකියාව පවතින බවත් එසේ වුවහොත් නැවතත් රට තුළ පෝලිම් යුගයක් නිර්මාණය විය හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ඉදිරියේදි තවදුරටත් අමාරු තත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ හේතුවෙන් අකමැත්තෙන් වුවද සමහර තීරණ ගැනීමට සිදුවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

සම්පූර්ණ ප්‍රකාශය පහතින්,

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago