දේශීය

ආසියානු කාන්තා ශූරතාව 7වන වරටත් ඉන්දියාව දිනාගනී

2022 කාන්තා ආසියානු කුසලානය 7වන වරටත් දිනාගැනීමට ඉන්දියාව අද (15) සමත් වුණා. ඒ අවසන් මහ තරඟයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු අටකින් පරාජයට පත්කරමින්.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීමේදී රැස්කරගැනීමට හැකිවූයේ කඩුලු 09ක් දැවි ලකුණු 65ක් පමණයි.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනෝකා රණවීර ලකුණු 18, ඕෂධී රණසිංහ ලකුණු 13ක් රැස් කළා.

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී රේණුකා සිංග් කඩුලු 03ක් සහ රාජේශ්වරි කඩුලු 02ක් වශයෙන් ලබාගත්තා.

ලකුණු 66ක පහසු ඉලක්කයක් හබාගිය ඉන්දියානු කාන්තා කණ්ඩායම 9වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් ස්ම්රිති මන්දනා වේගවත් ලකුණු 51 පන්දු 25ක් තුළදී ලබා ගැනීමට සමත් වුණා. ඒ 06 පහර 03ක් සහ 04 පහර 06ක් ද එල්ල කරමින්,

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.

ඒ අනුව 2022 විස්සයි විස්ස ආසියානු කාන්තා කුසලනය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

11 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

12 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago