Thursday, July 23, 2026
Homeදේශීයසිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් - ජනපති

සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් – ජනපති

සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, ටෝකියෝ නුවරදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං (Lee Hsien Loong) සමඟ අද (27) විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

එසේම ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කරන බවට, ජනාධිපතිවරයා විසින් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රසාදය පළ කර ඇති සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා, සිංගප්පූරුව යළිත් වරක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

ලබන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සංවත්සරයට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කර ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.

READ:   අබිරහස් ලෙස මිය ගිය පැල්මඩුල්ලේ නීතිඥවරිය, මියයෑමට පෙර සිදුවූ පහරදීම ගැන මැසේජ් එකක් නෑයෙකුට යවලා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්