දේශීය

චීනයෙන් රුපියල් මිලියන 600 ක් වටිනා ජංගම රසායනාගාර බස් රථ 08 ක් පරිත්‍යාග කරයි

රුපියල් මිලියන 600 ක වටිනාකමින් යුත් වකුගඩු රෝගීන් පෙර හදුනාගැනීමේ අංග සම්පූර්ණ ජංගම රසායනාගාර බස් රථ 08 ක් අද (26) චීන රජය විසින් මෙරටට පරිත්‍යාග කෙරිණි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂැන්හොං ( QI Zhenhong) මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම ජංගම රසායනාගාර බස්රථ තොගය කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී අද නිල වශයෙන් භාර දෙනු ලැබීය. ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින් යුත් අංග සම්පූර්ණ මෙම ජංගම රසායනාගාර අනුරාධපුර, පොළොන්නරුව,වව්නියාව, අම්පාර, කුරුණෑගල, ත්‍රිකුණාමලය, මාතලේ හා බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වෙත ලබා දේ.

මෙම ජංගම රථයන්හි පහසුකම් මෙරට මූලික රෝහලක ඇති රසායනාගාර පහසුකම් වලට සමාන වන අතර එය විදුලි බලයෙන් ක්‍රියාත්මක කෙරේ.එහෙත් විදුලි බලය නොමැති අවස්ථාවක මෙන්ම විදුලි බලය නොමැති ප්‍රදේශයන්හි ද පරීක්ෂණ කළ හැකි අයුරින් විදුලි ජනන යන්ත්‍ර (Generator) පහසුකම් ඒ තුළ තිබේ.දෛනිකව 500 ක පමණ පිරිසකට මෙමගින් පරීක්ෂණ කළ හැකි අතර එමගින් දිස්ත්‍රික් මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් වකුගඩු රෝගීන් හඳුනා ගැනීම කළ හැකිය. එමෙන්ම කොවිඩ් වැනි හදිසි ව්‍යසන තත්ත්වයන්හි රසායනාගාර කටයුතු සඳහාද මෙම ජංගම රසායනාගාර භාවිත කළ හැකි බව වකුගඩු රෝග නිවාරණ හා පරීක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අසංග වි.රණසිංහ මහතා පවසයි.

මෙම ජංගම රසායනාගාර සඳහා පුහුණුව ලත් රියදුරෙකු සහ වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් දෙදෙනෙකු යෙදවිය හැක. මේ වන විට මෙරට හේතුව නොදත් වකුගඩු රෝගීන් 65,000 ක් පමණ පිරිසක් දිවයින පුරා දිස්ත්‍රික්ක 10කින් වාර්තා වී තිබේ. මේ අතර පසුගිය දා චීන රජය මඟින් මෙරටට එවනු ලැබූ රුපියල් මිලියන 650 ක ඖෂධ තොගය ද අද මෙරට චීන තානාපති කියු ෂැන්හොං ( QI Zhenhong) මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබීය. එය රුපියල් බිලියන 5 ක් වූ චීන සහනාධාර වැඩසටහන් දෙවන අදියරේ 1 වන තොගය ලෙස මෙරටට ලැබිණි. ජලභීතිකා රෝගයෙන් වැළකීම සඳහා වන එන්නත් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 17 ක් මෙම පරිත්‍යාග තොගයට ඇතුළත්ව ඇත.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා මෙවැනි ඉහළ කාලීන පරිත්‍යාගයන් කිරීම පිළිබඳ චීන රජයට හා එහි ජනතාවට ස්තූතිවන්ත වන බවත් ඉතිහාසයේ පෙර නොවූ විරූ අති දුෂ්කර අවස්ථාවකට ශ්‍රී ලංකාව පැමිණ ඇති මොහොතේ එම පරිත්‍යාග අතිශය වැදගත් වන බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.මෙවැනි අවස්ථාවකදී අවශ්‍යතාවයන් දැන කටයුතු කරන මිත්‍රශීලී රටවල් රැසක් ශ්‍රී ලංකාව සමග සිටින බවත් චීනය ඒ තුළ වඩාත් සමීප බවත් හෙතෙම කීය.මෙය අතිවිශාල පරිත්‍යාගයක් වුවද එහි මුදලට වඩා මිල කළ නොහැකි සේවාවන් රැසක් සපයන ඉහළ වටිනාකමක් පවතින බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

අර්බුදයකට මුහුණ දී සිටින අපට ලොව පුරා මිත්‍රශීලී රටවලින් ලැබෙන සහයෝගය වඩාත් වැදගත් මෙන්ම කාලෝචිත යැයි ද වසර 65කට 70 ට අධික ඉපැරණි මිත්‍රශීලීත්වයන් පවතින චීනය අඛණ්ඩව ශ්‍රී ලංකා සමඟ සිටි බවද අමාත්‍යවරයා කීය. මෙහිදී අදහස් දැක්වූ චීන තානාපති කියු ෂැන්හොං ( QI Zhenhong) මහතා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පසුගිය වසර කිහිපය තුළ ඉතා සතුටුදායී ලෙස දියුණු වී ඇති බවත් ගෝලීය වසංගත හා අනිකුත් අර්බුදකාරී තත්ත්වයන් තුළ වුවද අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සාර්ථකත්වයට පත් වී ඇති බවත් ඒ මහතා කීය.ශ්‍රී ලංකා පුරවැසියන්ගේ කැපවීම ,දරා ගැනීම හා උත්සාහය මේ සියලු අභියෝග ජය ගැනීමට ප්‍රමුඛ වන බවත් ආර්ථික අර්බුදය, ජීවන අරගලය තුල එම අභියෝගාත්මක කාල සීමාව තරණය කිරීමට හැකි වන බවත් හෙතෙම කීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම් (සංවර්ධන) චන්ද්‍රරත්න පල්ලේගම, වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අසංග වී.රණසිංහ, අධ්‍යක්ෂ (තාක්ෂණික කමිටු ,කොවිඩ් 19 වසංගත රෝග කළමණාකරණ හා වෛද්‍යාධාර සම්බන්ධීකරණ) වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්ම මහත්මීන්ද සහභාගී වී සිටියහ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනය

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

9 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

10 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago