මෙරට විශේෂඥ වෛද්‍යවරුන් රට අතහැර යෑමේ ප්‍රවණතාවයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (21) පාර්ලිමේන්තුව තුළ දී ප්‍රකාශ කර සිටියා.
රට තුළ බරපතළ අර්බුධයන් ඇතිවීමට පෙර විපක්ෂය විසින් ආණ්ඩුවට ඒ බව පෙන්වා දුන්නත් ආණ්ඩුව එම ප්‍රශ්නකිරීම් මඟහැරිය බව විපක්ෂ නායකවරයා පවසනවා. පෝසතුන්ට බිලියන 600ක බදු සහන ලබා දීම, ෆිරිච් රේටීන් පහළ යැමේ අවධානම, මුහුණු ආවරණ පිළිබඳව, ඖෂධ , පොහොර, වැක්ෂීන්.. ආදී ගැටලු සියල්ල පෙන්වාදීමේදී එදා ආණ්ඩුවේ අවධානයට ඊට ලක් නොවූ බවත් අද වෛද්‍යවරුන් රට අතහැරයෑම පිළිබඳ ගැටලුවද එලෙස සැහැල්ලුවෙන් මඟහැරිය නොහැකි බරපතල ප්‍රශ්නයක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.
මෙම වසරේ අවසානය වන රට තුළ සිදුවෙමින් පවතින බුද්ධිගලනයේ ප්‍රතිථලය දැක ගැනීමට හැකි වනු ඇතැයි එතුමා ප්‍රකාශ කරනවා.
මඟහැරිමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට රට තුළ ළමා හා කන්තා මන්දපෝෂණ තත්වය ඉතා බරපතළ තත්වයකට පත්ව ඇති බවයි එතුමා ප්‍රකාශ කරන්නේ.
විපක්ෂ නායකවරයාට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා, වැරදුණු තැන් නැවත නැවත ප්‍රකාශ කිරීම වැරදි බවත් තමන් ගැටලු ඩිස්මිස් කරන කෙනෙකු නොවන බවත් ප්‍රකාශ කර සිටියා.
සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා නොවැටෙන පරදි පවත්වාගැනීම පිළිබඳව තමන් සහතික වන බවයි, එතුමා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කර සිටියේ.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…