දේශීය

විශේෂඥ වෛද්‍යවරු රට අතහැරයෑම බරපතළ තත්වයක් – සජිත් ප්‍රේමදාස (VIDEO)

මෙරට විශේෂඥ වෛද්‍යවරුන් රට අතහැර යෑමේ ප්‍රවණතාවයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (21) පාර්ලිමේන්තුව තුළ දී ප්‍රකාශ කර සිටියා.


රට තුළ බරපතළ අර්බුධයන් ඇතිවීමට පෙර විපක්ෂය විසින් ආණ්ඩුවට ඒ බව පෙන්වා දුන්නත් ආණ්ඩුව එම ප්‍රශ්නකිරීම් මඟහැරිය බව විපක්ෂ නායකවරයා පවසනවා. පෝසතුන්ට බිලියන 600ක බදු සහන ලබා දීම, ෆිරිච් රේටීන් පහළ යැමේ අවධානම, මුහුණු ආවරණ පිළිබඳව, ඖෂධ , පොහොර, වැක්ෂීන්.. ආදී ගැටලු සියල්ල පෙන්වාදීමේදී එදා ආණ්ඩුවේ අවධානයට ඊට ලක් නොවූ බවත් අද වෛද්‍යවරුන් රට අතහැරයෑම පිළිබඳ ගැටලුවද එලෙස සැහැල්ලුවෙන් මඟහැරිය නොහැකි බරපතල ප්‍රශ්නයක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

මෙම වසරේ අවසානය වන රට තුළ සිදුවෙමින් පවතින බුද්ධිගලනයේ ප්‍රතිථලය දැක ගැනීමට හැකි වනු ඇතැයි එතුමා ප්‍රකාශ කරනවා.
මඟහැරිමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට රට තුළ ළමා හා කන්තා මන්දපෝෂණ තත්වය ඉතා බරපතළ තත්වයකට පත්ව ඇති බවයි එතුමා ප්‍රකාශ කරන්නේ.

විපක්ෂ නායකවරයාට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා, වැරදුණු තැන් නැවත නැවත ප්‍රකාශ කිරීම වැරදි බවත් තමන් ගැටලු ඩිස්මිස් කරන කෙනෙකු නොවන බවත් ප්‍රකාශ කර සිටියා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා නොවැටෙන පරදි පවත්වාගැනීම පිළිබඳව තමන් සහතික වන බවයි, එතුමා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කර සිටියේ.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago