සනීපාරක්ෂක තුවා මිල අධික ලෙස ඉහළ යෑම නිසා ග්‍රාමිය පාසල් සහ විශ්වවිද්‍යාල තුල අධ්‍යාපනය ලබන දුවණීයන්ගේ අධ්‍යයන කටයුතු සඳහා පැමිණීමේ අඩුවක් පවතින බව වෛද්‍යවරුන් පවසනවා.
සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කළ යුතු බවත් මෙම තත්වය අතිශයීන් කණගාටුදායක තත්වයක් බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් සඳහන් කළා.



