දේශීය

15 හැවැරිදි පෙම්වතිය බැලීමට යෑම සඳහා බස් රථයක් සොරකම් කල තරුණයාගේ දෙමාපියන්ට දැඩි අවවාද

පුතා නැවත වරදක් කළොත් මවුපියන්ට නීතිමය පියවර

මඟී බස් රථයක් සොරා ගෙන ගොස් සිය පෙම්වතිය බලා නැවත පැමිණෙමින් සිටියදී පිළියන්දල පොලිසියේ අත්අඩංගුවට පත් නව යොවුන් වියේ පසු වූ දරුවා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම කරමින් මවුපියන්ට භාර දී තිබේ.

මෙසේ ඔහුව මවුපියන්ට භාර දෙනු ලැබුවේ ඔහුගේ අනාගතය ගැන සිතා බවත් පරිවාස නිලධාරීන්ට ඔහුව අධීක්ෂණය කරන ලෙස මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන් බවත් පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් ලියනගේ මහතා සඳහන් කළේය.

නැවතත් මොහු මෙවැනි වරදකට හසු නොවීමට වගබලා ගන්නා ලෙස මවුපියන්ට ද මහේස්ත්‍රාත්වරයා අවවාද කරමින් එසේ නැවත ඔහු මෙවන් වරදකට හසුවුවහොත් මවුපියන්ට නීතිමය පියවර ගන්නා බව ද දැනුම් දුන් බව පොලිස් ස්ථානාධිපතිවරයා කීය.

මේ නව යොවුන් වියේ පසුවන 17 වියැති දරුවා පිළියන්දල බස් රථ ගාලේ නතර කර තිබුණු බස් රථයක් සොරා ගන්නේ පසුගිය 10 වැනිදා රාත්‍රී කාලයේදීය. ඒ සිය 15 හැවිරිදි පෙම්වතිය බැලීමට පිළියන්දල සිට මොරගහහේන බලා යන්නටය. දඩබ්බර පුද්ගලයෙක් වන මොහුව පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු වයස සඟවා වැරදි වයසක් කී බවත් පසුව මවුපියන් පොලිසියට ගෙන්වා කළ ප්‍රශ්න කිරීම්වලදී නියම වයස අනාවරණය වූ බවත් පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

පොලිසිය පවසන්නේ මොහුගේ පියා බස් රථ රියැදුරකු බවය. එබැවින් ඔහුට බස් රථ ධාවනය කිරීමට පළපුරුද්දක් ඇති බවද පොලිසිය කියයි. මඟී බස් රථවල කොන්දොස්තරවරයකු ලෙස ද ඇතැම් අවස්ථාවල ඔහු කටයුතු කරන බව ද විමර්ශනවලින් අනාවරණය වූ බව පොලිස් ස්ථානාධිපති සනත් රංජිත් ලියනගේ මහතා කීය. පිළියන්දල සිට ගමන් වාර ආරම්භ කරන පෞද්ගලික මඟී බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරු කිහිපදෙනකු ආසියානු කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගය නැරඹීමට එක්ව සිටියදී මේ සොරකම කර තිබේ. බස් රථ 04ක් එම ස්ථානයේ ගාල් කර තිබී ඇති අතර එම රථවලින් එකක් ඔහු සොරාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය. මෙයට පෙරත් ඔහු හෝමාගමින් බස් රථයක් මෙසේ පැහැරගෙන ගොස් වාහන කිහිපයක හප්පා තිබුණු බව ද පොලිසිය කියයි. ඒ සම්බන්ධයෙන් ඔහු මාස දෙකහමාරක කාලයක් පරිවාස භාරයේ තබා තිබුණු බව ද පොලිස් ස්ථානාධිපති සනත් රංජිත් ලියනගේ මහතා වැඩිදුරටත් පැවසීය.

ගයාන් කුමාර වීරසිංහ

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

3 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago