මඟී බස් රථයක් සොරා ගෙන ගොස් සිය පෙම්වතිය බලා නැවත පැමිණෙමින් සිටියදී පිළියන්දල පොලිසියේ අත්අඩංගුවට පත් නව යොවුන් වියේ පසු වූ දරුවා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම කරමින් මවුපියන්ට භාර දී තිබේ.
මෙසේ ඔහුව මවුපියන්ට භාර දෙනු ලැබුවේ ඔහුගේ අනාගතය ගැන සිතා බවත් පරිවාස නිලධාරීන්ට ඔහුව අධීක්ෂණය කරන ලෙස මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන් බවත් පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් ලියනගේ මහතා සඳහන් කළේය.
නැවතත් මොහු මෙවැනි වරදකට හසු නොවීමට වගබලා ගන්නා ලෙස මවුපියන්ට ද මහේස්ත්‍රාත්වරයා අවවාද කරමින් එසේ නැවත ඔහු මෙවන් වරදකට හසුවුවහොත් මවුපියන්ට නීතිමය පියවර ගන්නා බව ද දැනුම් දුන් බව පොලිස් ස්ථානාධිපතිවරයා කීය.
මේ නව යොවුන් වියේ පසුවන 17 වියැති දරුවා පිළියන්දල බස් රථ ගාලේ නතර කර තිබුණු බස් රථයක් සොරා ගන්නේ පසුගිය 10 වැනිදා රාත්‍රී කාලයේදීය. ඒ සිය 15 හැවිරිදි පෙම්වතිය බැලීමට පිළියන්දල සිට මොරගහහේන බලා යන්නටය. දඩබ්බර පුද්ගලයෙක් වන මොහුව පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු වයස සඟවා වැරදි වයසක් කී බවත් පසුව මවුපියන් පොලිසියට ගෙන්වා කළ ප්‍රශ්න කිරීම්වලදී නියම වයස අනාවරණය වූ බවත් පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
පොලිසිය පවසන්නේ මොහුගේ පියා බස් රථ රියැදුරකු බවය. එබැවින් ඔහුට බස් රථ ධාවනය කිරීමට පළපුරුද්දක් ඇති බවද පොලිසිය කියයි. මඟී බස් රථවල කොන්දොස්තරවරයකු ලෙස ද ඇතැම් අවස්ථාවල ඔහු කටයුතු කරන බව ද විමර්ශනවලින් අනාවරණය වූ බව පොලිස් ස්ථානාධිපති සනත් රංජිත් ලියනගේ මහතා කීය. පිළියන්දල සිට ගමන් වාර ආරම්භ කරන පෞද්ගලික මඟී බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරු කිහිපදෙනකු ආසියානු කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගය නැරඹීමට එක්ව සිටියදී මේ සොරකම කර තිබේ. බස් රථ 04ක් එම ස්ථානයේ ගාල් කර තිබී ඇති අතර එම රථවලින් එකක් ඔහු සොරාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය. මෙයට පෙරත් ඔහු හෝමාගමින් බස් රථයක් මෙසේ පැහැරගෙන ගොස් වාහන කිහිපයක හප්පා තිබුණු බව ද පොලිසිය කියයි. ඒ සම්බන්ධයෙන් ඔහු මාස දෙකහමාරක කාලයක් පරිවාස භාරයේ තබා තිබුණු බව ද පොලිස් ස්ථානාධිපති සනත් රංජිත් ලියනගේ මහතා වැඩිදුරටත් පැවසීය.
ගයාන් කුමාර වීරසිංහ
උපුටා ගැනීම දිනමිණ පුවත්පත
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…