පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණයත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම හා මහ ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දැරණිගල, දොම්පේ, අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ හා වත්තල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වලට ගංවතුර ඇතිවීමේ අවධානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මහ ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව කටාන, නාරම්මල සහ දංකොටුව යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම්වල විශාල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.
අදාළ ප්‍රදේශවල සිටින පිරිස් මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…