ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරඟය අද (01) ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි.
අද තරඟය ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් වෙන අතර අද තරඟයෙන් ජයගන්නා කණ්ඩායමට ඉදිරි තරඟවටයට පිවිසීමට අවස්ථාව හිමිවනවා.
බංග්ලාදේශ කණ්ඩායම පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් චානක සිදු කළ ප්‍රකාශයක් සහ ඊට පිළිතුරු වශයෙන් බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරුවකු විසින් ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු කරමින් සිදු කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර අද පැවැත්වෙන තරඟය වඩාත් උණුසුම් එකක් වනු ඇතැයි ක්‍රිකට් විචාරකයින් මත පළ කරනවා. එමෙන්ම ක්‍රිකට් ලෝලින් බොහෝ දෙනෙකුගේ අවධානය අද තරඟය වෙත යොමුව ඇති බවයි වාර්තා වන්නේ
තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ඩුබායිහිදී ආරම්භවීමට නියමිතයි.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU