ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරඟය අද (01) ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි.
අද තරඟය ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් වෙන අතර අද තරඟයෙන් ජයගන්නා කණ්ඩායමට ඉදිරි තරඟවටයට පිවිසීමට අවස්ථාව හිමිවනවා.
බංග්ලාදේශ කණ්ඩායම පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් චානක සිදු කළ ප්‍රකාශයක් සහ ඊට පිළිතුරු වශයෙන් බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරුවකු විසින් ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු කරමින් සිදු කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර අද පැවැත්වෙන තරඟය වඩාත් උණුසුම් එකක් වනු ඇතැයි ක්‍රිකට් විචාරකයින් මත පළ කරනවා. එමෙන්ම ක්‍රිකට් ලෝලින් බොහෝ දෙනෙකුගේ අවධානය අද තරඟය වෙත යොමුව ඇති බවයි වාර්තා වන්නේ
තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ඩුබායිහිදී ආරම්භවීමට නියමිතයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…