දේශීය

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය පිළිබඳව ආසියානු පැසිෆික් සන්ධානයේ (A-PAD SL) සම්මන්ත්‍රණය කොළඹදී

වට දෙකක් යටතේ පැවති මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදයාකි මහතා පැවසුවේ, ශ්‍රී ලංකාව බොහෝ අර්බුදවලට මුහුණ දී සිටින අතර, ගෘහස්ථ දේශපාලනික අර්බුදයකට ද මුහුණ දී
සිටින බවයි.

මෙරට වත්මන් අර්බුද නිරාකරණයකර ගැනීම සඳහා ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් එකඟතාවකට පැමිණෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද මෙරට ජපාන තානාපතිවරයා අවධාරණය කළා. එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ, ලංකාවේ ආර්ථිකයට නිසි මගපෙන්වීමක් අවශ්‍ය වන අතර, විවිධ අංශ ඔස්සේ ආර්ථිකය වර්ධනයකර ගැනීමට එය උපකාර වනු ඇති බවයි. 70 වසරක ජපාන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවත් ශක්තිමත්කර ගැනීමට මෙම සමුළුව ඉවහල්වන බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදයාකි මහතා පැවසුවා.

මෙම සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක මහත්මිය පැවසුවේ, වර්තමානය වනවිට ශ්‍රී ලංකාව සුළු අර්බුදයකටත් නිසි විසඳුමක් දීමට පවා අපොහොසත්ව ඇති තත්ත්වයක්ට පත්ව ඇති බවයි.
පොදු ප්‍රවාහනය, විදුලිය, ගෑස් යනාදී අත්‍යාවශ්‍ය අංශ මනා ලෙස කළමනාකරණය කළ හැකිව තිබියදීත්, එය කිරීමට රට අපොහොසත් වීම පිළිබඳව කණගාටුවට පත්වන බව ද ඇය පැවසුවා.

එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා ද මෙහිදී අදහස් පළ කරමින් පැවසුවේ, මෙරට ආර්ථික, සමාජයීය, දේශපාලනික අර්බුද ලෝකයත් සමග ගැටෙන තත්ත්වයකට පත්ව ඇති බවයි.
මෙරට ආර්ථික පරිහානියට එක් අතකින් පාරිසරික ආපදාවලට සාර්ථකව මුහුණ නොදීම ද හේතු වී ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නා.
ජාතික මට්ටමින් කටයුතු කරන පාර්ශ්වයන් ග්‍රාමීය මට්ටමේ පාර්ශ්ව සමග සිය දැනුම හුවමාරු කරගත යුතු බවත්, එලෙස එක්ව ඉදිරියට යාමෙන් මිස වත්මන් ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකි බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්
විශ්‍රාමික මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා අවධාරණය කළා.

ඔහු පැවසුවේ, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු පැසිෆික් සන්ධානයේ (A-PAD SL) කාර්යය භාරය රටේ අනාගතය වෙනුවෙන් වැදගත් මෙහෙවරක් ඉටු කරනු ඇති බවයි.

ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු පැසිෆික් සන්ධානයේ (A-PAD SL) මෙරට අධ්‍යක්ෂ ෆිර්සාන් හෂීම් මහතා ද මෙහිදී අදහස් දැක්වූ අතර, මෙරට වත්මන් අර්බුද විසඳා ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහයෝගීතාව අත්‍යාවශ්‍ය බව ඔහු අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු පැසිෆික් සන්ධානය (A-PAD SL) පසුගිය අගෝස්තු 8 වැනිදා ජපාන සහ තායිවාන පුහුණුකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ කඹ මගින් මුදවාගැනීමේ වෘත්තීය පුහුණුව සාර්ථකව අවසන් කළ මෙරට ජීවිතාරක්ෂක සහ වික්‍රමාන්විත ක්‍රීඩා නියෝජිතයින් 14 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය ද මෙහිදී සිදු කෙරුණා.

ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු පැසිෆික් සන්ධානය (A-PAD SL) මෙරට ජනතාවගේ සුබසාධනය සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබනවා.

ආපදාවන්ට මුහුණදීමට හා ඉන් ජයගැනීමට හැකියාව ඇති ශක්තිමත් ප්‍රජාවක් බිහිකරලීම සඳහා වසර ගණනාවක් පුරා මෙම සන්ධානය වැඩසටහන් සංවිධාන කරන්නේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඒකබද්ධකර ගනිමින්.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

24 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago