Thursday, August 13, 2026
Homeදේශීයළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව 6 වන තැනට

ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව 6 වන තැනට

ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ 6 වන ස්ථානයට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ උත්ගතව ඇති ජීවන වියදම ඉහළ යෑම හේතුවෙන් මෙරට ජනතාවගේ ආහාරවේලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බව සඳහන් කරමින් යුනිසේෆ් සංවිධානය මේ බව නිවේදනය කර සිටියා.

පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් දිනෙන් දින රට තුළ ඉහළ යන ආහර මිල හේතුවෙන් ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය ගෝලීයව හය වන ස්ථානයට පැමිණ ඇති බවත් එමෙන්ම දකුණු ආසියාවේ දරුණු මන්දපෝෂණය සහිත රටවල් අතරින් 02 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් යුනිසෙෆ් සංවිධානය වාර්තා කරනවා.

READ:   රූපවාහිනී නාලිකා ශ්‍රේණිගතකිරීමේ ක්‍රමය (Rating) අමු බොරුවක් - ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගෙන් සැර ප්‍රකාශයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්