දේශීය

සෙවණගල OIC කොස්තාපල්වරියට ගංජා තැම්බූ වතුර පොවලා

විමර්ශනවලින් හෙළි වෙයි

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කර දූෂණය කිරීමට තැත් කළේ යැයි චෝදනා එල්ල වී ඇති සෙවණගල පොලිස් ස්ථානාධිපතිවරයා අද හෙටම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ භාර වීමේ සූදානමක් ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මේ වන විට නිවාඩු දමා ළමා හා කාන්තා කාර්යාංශයට කට්ටි පනිමින් සිටින මෙම පොලිස් ස්ථානාධිපතිවරයා කාලයක් තිස්සේම එම කොස්තාපල්වරියට හිරිහැරකර තිබෙන බව විමර්ශනවලින් හෙළි වී ඇත.

ඇය මේ ගැන ළමා හා කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ වීමත් සමඟ පොලිස් ස්ථානාධිපතිවරයා නිවාඩු ගෙන අතුරුදන් වූ බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. ආධුනික පොලිස් කොස්තාපල්වරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවසේ නිතර සිටිනු පොලිසියේ නිලධාරීන් අතර පසුගිය කාලයේ දැඩි කතාබහකට ද ලක්ව තිබී ඇත. ඒ ගැන ඇය ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ ස්ථානාධිපතිවරයාට ඇති බිය නිසාත් තමා ආධුනික තැනැත්තියක් නිසාත් ඔහු කියන දේවල්වලට අවනතව සිටීමට සිදු වූ බවයි.

ළමා හා කාන්තා කාර්යාංශයට ඇය පවසා ඇත්තේ ශක්තිය වර්ධනය වන බව කියමින් ගංජා තැම්බූ වතුර තමාට බොන්නට දුන් බවයි. ගංජා තම්බා ඇත්තේද ස්ථානාධිපතිවරයාගේ නිල නිවස තුළය. එම ගංජා තැම්බූ වතුර ස්ථානාධිපතිවරයා ද පානයකර ඇති බව කියයි. විවිධ ශක්ති ජනක වර්ගද ඔහු තමාට පානය කිරීමට දුන් බවද ඇය ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. පොලිස් ස්ථානාධිපතියා තමාට අතවර කර ඇතැයි ඇය ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලිකර ඇත්තේ සෙවණගල සිට ඇයව වෙනත් පොලිස් ස්ථානයකට ස්ථානමාරුවීමක් දීමෙන් අනතුරුවය. සෙවනගල පොලිසියේ නිලධාරීන් අතර මෙන්ම ගම්වැසියන් අතරද පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙම ක්‍රියාව ප්‍රසිද්ධ රහසක්ව තිබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීවේය. ආධුනික කොස්තාපල්වරියට ස්ථානමාරුවක් දී වෙනත් පොලිස් ස්ථානයක රාජකාරි සඳහා යොදවනු ලැබුවේ ඒ නිසා බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ගයාන් කුමාර වීරසිංහ

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Recent Posts

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

1 day ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

2 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

2 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

2 days ago

Ceylon Green Life Plantation පිළිබඳ සාවද්‍ය තොරතුරු ප්‍රචාරයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…

2 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

5 days ago