Saturday, April 18, 2026
Homeදේශීයභූමිතෙල් භාවිත කරන අඩු ආදායම්ලාභීන්ට සහනාධාරයක්

භූමිතෙල් භාවිත කරන අඩු ආදායම්ලාභීන්ට සහනාධාරයක්

භූමිතෙල් මිල සංශෝධනය මීට වසර ගණනාවකට පෙර සිටම සිදු කළ යුතුව තිබූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් බවට පත්වීමට එක් හේතුවක් වූයේ සහනාධාර මිලට භූමිතෙල් අලෙවිකිරීම බවත් වැඩි කර ඇති නව මිල ගණන් පිරිවැයට සමපාත වී ඇති බවත් බලශක්ති අමාත්‍යවරයා පවසනවා. අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂෙත්‍ර සඳහා ඍජු මුදල් සහනාධාරයක් ලබා දීමට රජය සූදානම් කර ඇති බවයි අමාත්‍යවරයා ටුවිටර් සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

READ:   කැප කිරීම් කරන්න පුලුවන් මිනිස්සු ඉන්න කොයි රටත් ලස්සනයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්