Sunday, July 26, 2026
Homeදේශීයහිටපු ජනපතිට ආරක්ෂාව දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලයි - පොදුජන පෙරමුණ

හිටපු ජනපතිට ආරක්ෂාව දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලයි – පොදුජන පෙරමුණ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ආරක්ෂා සහිතව යළි දිවයිනට පැමිණීම සඳහා අවස්ථාව සලසා දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

ඊයේ (18) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව අවධාරණය කර තිබෙනවා.

වත්මන් ආර්ථික අර්බුදය විසඳා රට ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පූර්ණ සහය ජනාධිපතිවරයාට හිමි වන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ. මෙම විශේෂ සාකච්ඡාව සඳහා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම් ,රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

READ:   දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවූ බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලිපියක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්