වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා වන කෙටි කාලීන හා මධ්‍ය කාලීන ආර්ථික සැලස්මක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් ඉදිරිපත් කර තිබෙනවා.
මෙරට ආර්ථිකය ගොඩනැන්වීමට කරුණු 10 කින් සමන්විත පොදු වැඩපිළිවෙළක් මෙම සැලස්ම මගින් යෝජනා කර ඇති අතර ” ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහී තිරසාර සංවර්ධනය වෙනුවෙන් වන සැලැස්ම ” ලෙස මෙම අර්ථික සැලසුම නම් කර තිබෙනවා.



